
මැයි මස 23 වැනිදා ආරම්භවීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ (2021/2022) ප්‍රවේශපත්‍ර නොලැබුණු පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සිටී නම් මැයි 12 දිනට පෙර විභාග දෙපාර්තමේන්තුව අමතන ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ඉල්ලා සිටී.
විභාගය මැයි 23 වැනිදා ආරම්භ වී ජුනි 01 වැනිදා තෙක් පැවැත්වේ.
පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාල සටහන් අදාළ විදුහලපතිවරුන් වෙතද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන් තම අයදුම්පතෙහි සඳහන් කර ඇති ලිපිනයට තැපැල් මගින් යොමු කරනු ඇත.
ප්‍රවේශපත්‍රයේ ඉල්ලුම්කර ඇති විෂයන්හි, මාධ්‍යයෙහි සහ නමෙහි යම් වෙනසක් වෙතොත් අදාළ සංශෝධන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගතව සිදුකර ගැනීම සඳහා මැයි 14 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා අවස්ථාව සලසා ඇත.
ඒ අනුව පාසල් අයදුම්කරුවන් තම විදුහල්පතිවරයා මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින්ම ද අදාළ සංශෝධන සිදු කළ යුතුය. මෙම විභාගයට අදාළ කාලසටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළකර ඇත. වැඩිදුර තොරතුරු 011-2784208, 011-2784537, 011 – 3188350 හෝ ක්‍ෂණික ඇමැතුම් අංක 1911 වෙතින් විමසීම් කළ හැක.
Comments
Post a Comment
Your comment will be visible after approval