
පසුගිය 24 වනදා සිට ගෑස් බෙදාහැරීම අත්හිටුවා තිබෙන පසුබිමක ලිට්‍රො සමාගම තවදුරටත් ජනතාවට ඉවසන ලෙස නිවේදනය කර තිබේ.
ලබන ඉරිදා තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ඒ අනුව ලිට්‍රෝ සමාගම පවසයි.
එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, ඇණවුම් කළ ගෑස් නෞකාව ඉරිදා දිනයේ මෙරටට සේන්දු වන බවත් සඳුදා සිට යළිත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමට සැලසුම් කර ඇති බවත් එතෙක් ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳි සිටීමෙන් ඵලක් නොවන බවත්ය.
මේ අතර අද වනවිට දින 5 ක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත්කර නොමැති තත්ත්වයක් යටතේ භූමිතෙල් ලබා ගැනීමට ජනතාව දිගු පොලිම්වල රැඳී සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval