
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් අරලියගහ මන්දිරය ඉදිරිපිට රැස්ව තිබේ. මැයි 06 වැනි දින පැවති විශේෂ කැබිනට් රැස්වීමෙන් පසු ප්‍රවෘත්ති පළ වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
විසින් අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටි බවත් ඔහු එයට බැඳී සිටින බවත්ය.මේ අතර, විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී සිය ධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද (09) ප්‍රකාශ කර තිබුණි.
මෙම පිරිස පැමිණ ඇත්තේ එවන් පසුබිමකය.
මේ අතර සමාජ ජාලා තුළ සැරිසැරූ ඡායාරූප කිහිපයකින් පෙන්නුම් කරේ මොරටුව නගරාධිපතිවරයා බස් රථ 8 කින් මෙම ගමන සඳහා මොරටුව හා අවට ධීවර ජනතා සෙනග රැස් කර තිබූ අයුරුය.








Comments
Post a Comment
Your comment will be visible after approval