
ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් හෙට (30) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.
එම ගෙනෙන ගෑස් ජුනි මස 01 වැනිදා සිට දිවයින පුරා අලෙවි නියෝජිතයන් වෙත බෙදා හරිනු ලබන බව එම සමාගම දැනුම්දෙයි.
එහි සභාපති විජිත හේරත්කියා සිටියේ එම නෞකාව මෙරටට පැමිණෙන අතරතුර කාලගුණයෙන් බාධාවක් නොවුණහොත්, බදාදා වනවිට ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට හැකිවනු ඇති බවයි.
මේ හේතුවෙන් එතෙක් පාරිභෝගිකයින් හට පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කරයි.
මින් ඉහත සභාපතිවරයා දන්වා තිබුනේ ඉවසන්න සඳුදා (30) ගෑස් බෙදනවා යනුවෙනි. නමුත් එය දැන් බදාදාට කල් ගොස් ඇත.
මේ අතර ගෑස් රැගත් තවත් නෞකා 2 ක් ලබන මස පළමු වනදා සහ පස් වනදා මෙරටට ළඟා වීමට
නියමිත බවද ලිට්රෝ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval