litro-gas-after17-days

දින 17කට පසු නැවතත් ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ කටයුතු අද (18 ) සිට ආරම්භ කරන බවට
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පවසා තිබුණත් ඊයේ පැවති අයහපත් කාලගුණය නිසා බෙදාහැරීම් වලට බාධා වුණ බවත් අපේක්ෂා කළ පරිදි අද සිට නොව තව දින 3 ක් ප්‍රමාද වී එනම් ලබන සිකුරාදා හෝ සෙනසුරාදා වනවිට බෙදාහැරීම් නිවැරදිවනු ඇති බවත්දන්වා ඇත.




මෙරටට ආනයනය කර ඇති මෙට්‍රික් ටොන් 3700 බැගින් වූ ගෑස් නැව් දෙකක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන හතක මුදලක් ඊයේ (17 වැනිදා) ගෙවීම් සිදු කළ බවද සභාපතිවරයා සඳහන් කළේය. එමෙන්ම තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3700කින් සමන්විත නෞකාවක් අද මෙරටට පැමිණීමට නියමිතව ඇත.