
ජුනි මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමෙරිකා ඩොලර් කෝටි 55ක් පමණ අවශ්‍ය බවත් එම මුදලින් ඩොලර් කෝටි 10ක් ඉන්දියා ණය ක්‍රමයෙන් ලැබෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (30) පෙරවරුවේ පැවසීය. ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඉතිරි ඩොලර් කෝටි 45 ක මුදල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සමග ඊයේ (30) පෙරවරුවේ සාකච්ඡා කළ බවත් නව ණය යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් ඉන්දියාව සමගද සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.
ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම සතුව ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 41,978 ක තොගයක් ඊයේ පෙරවරුව වන විට පැවැති බවද අමාත්‍යවරයා පැවසීය. දැනට ඔස්ටේන් 95 ඩීසල් මෙට්‍රික් ටොන් 14,041 ක්, ඔටෝ ඩීසල් මෙ.ටොන් 14,433 ක්, සුපිරි ඩීසල් මෙ.ටොන් 58 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික්ටොන් 1,621 ක් ඛනිජ තෙල් තොග පර්යන්ත සමාම සතුව ඇති බවත් ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඩීසල් රැගත් තවත් නෞකාවක් ඊයේ (30) පස්වරුවේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිතව තිබූ බවද අමාත්‍ය කාංචන වි සේස්කර මහතා පැවසීය. ඩීසල් සහ පෙට්‍රල් හිඟය ඊයේ දිනයේ ද පැවැති අතර ඇතැම් පිරවුම්හල් වසා තිබිණි. ඉන්ධන තොග පැවැති පිරවුල දිගු පෝලිම් දැකිය හැකි වූ අතර බොහෝ පිරවුම්හල 'ඩීසල් නැත' සහ 92 පෙට්‍රල් නැත' ලෙස දැන්වීම්ද ප්‍රදර්ශනය කර තිබිණි.
(යොහාන් භාසුර )
Comments
Post a Comment
Your comment will be visible after approval