julie-chung-ranil-twitter

නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.



රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම සහ සියල්ලන් ඇතුළත් කර කඩිනමින් ආණ්ඩුවක් පිහිටුවීම අර්බුදය විසඳීමට සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ පළමු පියවර බවද ඇය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුවන ගනුදෙනු යථාවාදී ලෙස සිදුකර ලාංකිකයන් මුහුණදී සිටින ගැටලුවලට විසඳුම් ලබාදේ යැයි බලාපොරොත්තු වන බවද ජූලි චන්ග් මහත්මිය සිය ට්විටර් පණිවුඩයෙන් පෙන්වා දී තිබේ.