
යාපනය, මාවඩි ප්‍රදේශයේ නිවසක තිබී වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකුගේ මළසිරුරු පෙරේදා (28) දා හමු වූ බව වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි.76,72 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් දෙදෙනකුගේ මළසිරුරු මෙසේ සොයා ගෙන ඇත. අදාළ වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනා පමණක් නිවසේ ජීවත්ව ඇති අතර එම කාත්තාවන් මාසික වැඩිහිටි දීමනාව ලබා ගැනීමට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරිවරයා විසින් එම කාන්තාවන්ගේ නිවස පරික්ෂා කිරිමේදි මළසිරුරු දැක ඒ පිළිබද පොලීසියට දැනුම් දී තිබේ.
පොලීසිය පැමිණි පරීක්ෂා කිරීමේදී එක් කාන්තාවක් මීට සති දෙකකට පමණ පෙර මිය ගොස් මළසිරුරු නරක් වී තිබුණු බවටත් අනෙක් කාන්තාව මීට දින දෙකකට පමණ පෙර මිය ගොස් ඇතැයිද පොලීසිය පවසයි. අදාළ කාන්තාවන් කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇතැයි සැක පළකරන බවත් ඇය මිය ගිය පසු අනෙක් කාන්තාව නිරාහාරව ශෝකාකූලව සිටීම හේතුවෙන් මිය ගොස් ඇතැයිද ප්‍රදේශවාසීහු සැක පළ කරති. වඩුක්කොඩ්ඩෙයි පොලිසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
(වවුනියාව - මධුෂංඛ අමරසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval