
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ස්විට්සර්ලන්තයේ පැවති හමුවකදී පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ අර්බුදය වැරදි කළමනාකරණයක ප්‍රතිඵලයක් ලෙස පෙනී ගිය බවයි.
ඇය ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී ඉන්දියාවේ NDTV වෙත අදහස් දක්වමින් කියා සිටියේ, “කලකට පෙර තරමක් සමෘද්ධිමත් වූ රටක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින දේවල පින්තූර නැරඹීම තමාගේ හදවත බිඳී යන තරම් කම්පිත වූ බවයි. එය වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලයක් වන බවත්, එබැවින් කළ යුතු වැදගත්ම දෙය නම් රට යහපත් ක්ෂුද්‍ර ආර්ථික පදනමකට ගෙන ඒම ඉවත් ඇය කියා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට දැඩි ලෙස සහාය දක්වන බවත්, වැඩසටහන කෙබඳු වනු ඇත්ද සහ ණය ප්‍රතිව්‍යුහගත කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවමත් අධ්‍යයන අවසන් නැති බවත් එයට පැහැදිලි බවක් ලැබුණු පසු ණය ලබා දිය හැකි බවද එම අවස්ථාවේ ඇය පැවසුවාය.
ශ්‍රී ලංකාවට මෙතරම් හොඳ මිතුරෙකු වීම පිළිබඳවත්, මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහය දැක්වීම ගැනත් ඇය ඉන්දියාවට කෘතඥතාව පළ කළ බවද එන්ඩීටීවී වාර්තාවේ දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval