
ගෝටාභය රාජපක්ෂ එළවා දැමීමට හා රනිල්ට ඩීල් නොදමන්නැයි ඉල්ලා සිටින ගෝටාගෝගොම හා නෝඩීල්ගම මේ වනවිට අඛන්ඩව 45 වන දිනටත් විරෝධතා පවත්වමින් ක්‍රියාත්මක වේ.
ඊයේ මෙම අරගල භූම සඳහා ග්‍රාමසේවක කාර්යාලයක්ද ස්ථාපිත කර තිබේ. අරගලකරුවන් සම්බන්ධ දත්ත එක්රැස් කර ඔවුන් සිටින කූඩාරම් සදහා නිවාස අංක ලබාදී විධිමත් කිරීම ග්‍රාම සේවකයාගේ කාර්ය භාරය බව පවසා තිබේ.
මෙම අරගල භූමි දෙක සදහාම අවශ්‍ය විදුලි බලය නගර සභාවෙන් කළ ඉල්ලීම් අනුව මීටරයක් සවිකර ලබාදී තිබුණ නමුත් ඊයේ වාර්තාවූයේ අරලියගහ මන්දිරය අසළ පිහිටා ඇති නෝඩීල්ගමේ විදුලිබලය උදෑසන සිට විසන්ධිවී ඇති බවයි. ඒ අනුව විදුලි බල මන්ඩල නිලධාරීන් පැමින ඊයේ රාත්‍රී එය සකස්කර දී තිබුණ අතර එතැන් සිට විදුලිය ලැබී ඇත.



Comments
Post a Comment
Your comment will be visible after approval