
ඊයේ (22) දහවල් කාලයේදි කොළඹ රත්නපුර මාර්ගයේ වෙරළුප හන්දියේදී රත්නපුර දෙසට ධාවනය වූ ජීප් රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී අතුරු මාර්ගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථය පෙරළී මාරක අනතුරක් සිදුවිය.
අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්කළ දැරියක රථයෙන් බිමට වැටී ත්‍රිරෝද රථයට යටවී බරපතල තුවාල ලැබූ අතර ප්‍රදේශ වාසීන් එක්වී ඇයව රත්නපුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි වෛද්‍යවරු සඳහන් කරයි.
මියගිය දැරිය වයස අවුරුදු 07 කිත ඇය රත්නපුර රෝහල පාරේ නිවසක පදිංචිව සිටියාය.
මෘත ශරිරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් අනතුර සම්බන්ධයෙන් ජීප් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් රත්නපුර පොලිස්ථානය වාර්තා කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval