deputy-ministers-sworn-in

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු තවත් රාජ්‍ය  හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.එය බොහේ විට අද දිනයේ සිදුවනු ඇතැයිද වාර්තාවේ.




එම අමාත්‍යවරුන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අය වනු ඇති බව වාර්තා වේ.මීට අමතරව සමගි ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බවද වාර්තා වේ. බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ස්වාධීන කණ්ඩායමද එක්වනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වෙනම විෂයයන් සහ විෂය පථයන් ගැසට් කිරීමට නියමිත අතර ඒ සඳහා වෙනම ලේකම්වරුන් පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.