
බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ 9 හැවිරිදි ගැහැනු දරුවෙකු අතුරුදන්ව ඇති බවට ඊයේ (27) ඇගේ දෙමාපියන් බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබෙයි.
දැරිය ඊයේ (27) පෙරවරු 10ට පමණ නිවසේ සිට මීටර් 250ක් පමණ දුරින් ඇති වෙළෙඳසැලකට ගොස් නැවත නොපැමිණීම නිසා මෙලෙස පැමිණිල්ලක් සිදු කර තිබේ.
වෙළෙඳ සලින් විමසීමේදී ඇය පැමිණි බවක් නොදන්නා බව දන්වා සිටි නමුත් පොලිසිය සිදු කළ පරීක්ෂාවේදී
ඇය භාණ්ඩ මිලදී ගෙන වෙළෙඳසැලෙන් පිටව යන ආකාරය ඉදිරිපස නිවසක සිසිටීවි කැමරාවල සටහන් වී තිබුණි.
මෙලෙස අතුරුදන් වූ දැරිය මොහොමඩ් අක්‍රම් ෆාතිමා අයිෂා බවත් ඇයගේ වයස 9 ක් බවත් දෙමාපියන් දන්වා ඇත.අටුළුගම, එපිටමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය අටුළුගම ප්‍රදේශයේ පාසලක 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනා ශිෂ්‍යාවකි.
ඇය පිළිබඳව තොරතුරක් වෙතොත් 0777075223 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval