
හිටපු වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ගම්පොළ කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ ක්‍රීඩා උපදේශක ගුරුවරයකු අද (17වැනිදා) දක්වා රීමාන්ඩ් කරන ලෙස ගම්පොළ මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියම කළේය.
මෙසේ රිමාන්ඩ් වූයේ ගම්පොළ පුපුරැස්ස ප්‍රදේශයේ පදිංචි කරුවකු වූ ගඟසිරි බණ්ඩාර නමැත්තෙකි. මොහු ගම්පොළ ජාතික පාසලක ක්‍රීඩා උපදේශක ගුරුවරයෙකි. ගම්පොළ පොලිසිය පෙරේදා (15 වැනිදා) සවස මොහු අත්අඩංගුවට ගෙන යම් කලබලයක් ඇතිවේය යන සැකය මත ගම්පොළ පොලිසිය තුළ රඳවා නොගෙන පුස්සල්ලාව පොලිසිය වෙත රැගෙන ගොස් එහි රඳවා පසුව මෙසේ එදින රාත්‍රියේම අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.රටපුරා පැතිර ගිය විරෝධය සමග කිසියම් පිරිසක් අනුරාධ ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයාගේ ගම්පොළ පල්ලෙවෙල පිහිටි කාර්යාලය ඉදිරිපිට ටයර් පුළුස්සා එහි එල්ලා තිබු බැනර්වලට ගිනි තබා තිබු අතර මෙම සිදුවීමෙන් කාර්යාලය පිහිටි දෙමහල් ගොඩනැගිල්ලට හෝ එහි දේපළවලට හානි සිදුවී නොතිබුණි.
මේ වන විට මෙම කාර්යාලයට පොලිස් හා යුද හමුදා ආරක්ෂාව යොදවා ඇති අතර ගම්පොළ නගරයේ හා අමාත්‍යවරයාගේ නිවෙස පිහිටි දොළුව මාර්ගයේ ස්ථාන කිහිපයක පොලිස් හා යුද හමුදා මාර්ග බාධක යොදා ඇත. මෙම කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධියට අදාළව පැමිණිල්ලක් ගම්පොළ පොලිසිය වෙත ලැබී ඇති අතර මෙම ගුරුවරයා ඇතුළු සිව් දෙනකු හඳුනා ගෙන ඇති බව එහි සඳහන් විය. සිද්ධියට අදාළව හඳුනාගත් සිව් දෙනා ඇතුළු අනෙකුත් පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පොළ පොලිසිය පරික්ෂණ අරඹා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval