The-attack-was-planned-in-advance-with-everyones-knowledge
පසුගිය මැයි 09 වනදා කොළඹදී අරගලකරුවන්ට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීම හේතුවෙන් එදා රාත්‍රී මුළු රටම ගිනිගත්තේය. මරණ කිහිපයක්ද වාර්තා විය. දෙතුන් දෙනෙකුගේ උවමනාවට ඇතිකළ මෙම ව්‍යසනය හිතාමතා සැලසුම් කළ එකක් බවත් පොලු සූදානම් කරගෙන පිරිස් ගෙන්වා ඒ ආකාරයේ ප්‍රහාරයක් සිදුකරන්නට යන බව හොඳටම දැනගෙන එය සිදුවන්නට ඉඩහැර බලධාරීන් බලා සිටි බවත් මේ වනවිටඅනාවරණය වෙමින් පවතී.
මෙම සිදුවීම සිදුවන්නට පැය ගණනාවකට පෙර 9 වනදා පාන්දර  IODPP Police නමැති යූටියුබ් නාලිකාව ඔස්සේ වීඩියෝවක් මගින් මෙවන් ප්‍රහාරයක් සිදුවන්නට යන බවට අභ්‍යන්තර තොරතුරු ඔස්සේ වාර්තාවක් ඉදිරිපත් විය. එම වීඩියෝවේ පොලිසිය දේශපාලනීකරණයෙන් මුදාගැනීම ජාත්‍යන්තර සංවිධානයේ සභාපති අජිත්  ධර්මපාල නමැත්තෙකුගේ හඩකින් මෙම ප්‍රහාරය සැලසුම්කළ අයගේ නම් ගම් පවා හෙළි කර තිබුණි. (අදාල වීඩියෝව පහළින්ම ඇත)

ශ්‍රී ලංකාවේ හොඳම පොලිස් ස්ථානාධිපතිවරයෙකු වශයෙන් සම්මාන ලද්දෙකු වූ අජිත්  ධර්මපාල මේ කියූ දේවල් එදා දවල් වන විට සත්‍ය බවට පත් විය.
මෙම කරුණු ඔහු දැනගත්තේ කෙසේද යන්නත් ඇත්තටම ඔහු කියූ ලෙස ඇතුළතින් සැලසුම් කළ ප්‍රහාරයක් ලෙස මෙය දියත්වූයේද යන්නත් පසුව ඔහු චමුදිත සමරවික්‍රම සමග 11 වනදා වීඩියෝ සාකච්ඡාවකට එක්වී පැහැදිලිකර තිබේ.
මේ සමග පළවන්නේ එම සාකච්ඡාවයි.

අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමෙන් අනතුරුව එල්ල කරපු ප්‍රහාරයේ සැඟවුණු තොරතුරු කිහිපයක් පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.ශ්‍රී ලංකාවේ පොලිසිය දේශපාලනීකරණයෙන් මුදාගැනීම ජාත්‍යන්තර සංවිධානයේ සභාපති අජිත්  ධර්මපාල මහතා සමගින්.ශ්‍රී ලංකාවේ එවකට සිටි හොඳම පොලිස්පතිවරයා හොඳම ස්ථානාධිපතිවරයා වශයෙන් සම්මාන ලබපු පුද්ගලයා.ප්‍රහාරය පිළිබඳව කිසියම් ආකාරයක ඉඟියක් ඔබ මිට පෙර සඳහන් කර තිබුණා.


ප්‍රහාරය පිළිබඳව ඔබ සතු තියෙන තොරතුරු මොනවද.?
"ඇත්තටම මේ සිද්ධිය ඉතාම අවාසනාවන්ත සිද්ධියක් පොලිස්  ඉතිහාසයේ  විශාල කළු පැල්ලමක් සිද්ධිය පිළිබඳව ජාත්‍යන්තර සංවිධානයට අපි ලබපු තොරතුරු වහාම සමාජගත කළා,තව දැනුවත් කළා මෙම සිද්ධියට ඇත්තටම විශාල   සංවිධානයක් ගොඩ නැගුණා.අගමැති කාර්යාලයෙන් මෙහෙයවපු  , අද මැතිතුමා දැනුවත්ව ඒ වගේම බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙතනදි තමයි මේ අවාසනාවන්ත සම්බන්ධය ගොඩ නැගෙන්නෙ.නියෝජ්‍ය පොලිස්පති වරයා ඉතාම හොඳින් දන්නවා මෙවැනි කණ්ඩායමක් එනවා.ගාලු මුවදොර පිරිස හිටියේ නිරායුධව  ගල්කැටයක් පොලු කෑල්ලක් තිබුණෙ නැහැ.නිදහස් අරගලයක් පැවතුනේ මෙම ස්ථානයට තවත් කැරලිකාර ස්වරූපයෙන් හැසිරෙන්න."

*ඔබ කවදද මෙවැනි ප්‍රහාරයක් ගැන ප්‍රකාශයක් කළේ.?
"ඊට කලින් මම අනාවරණය කලා ඇත්තටම මේ තොරතුරු ලැබිච්ච ගමන් ජේෂ්ඨ හමුදා නිලධාරියෙක් දැනුම් දුන්නේ.එහෙම දෙයක් වෙන්න යනවා පොලිසිය අහවලා අහවලා සම්බන්ධයි සාකච්ඡාවේදී මේගොල්ලෝ හිටියා කියලා."

*අපිත් නාගනන්ද  කොඩිතුවක්කු සම්බන්ධ කරගෙන ඔබේ තොරතුරු   පදනම් කරගෙන අපිත් මේ ප්‍රහාරයෙ සැලසුම් ඉදිරිපත් කළා මට එක දෙයක්පැහැදිලිව දැනගන්න ඕනේ ඔබ කරපු,ඔබ දාපු වීඩියෝ පටයට සමගාමීව කතා කලා ජනාධිපති ආරක්ෂක අංශය භාරව ඉන්න ජනරාල්.කතා කරල මගෙන් ඇහුවා ඔබ ඔහුගේ නම මතුකරලාතියෙනවා නමුත් ඔහු කිසිම ආකාරයක ප්‍රහාරයක් ගැන හිතලවත් නැහැ ඔහු ජනාධිපතිවරයාට  අත් තැබීමක් තැබුවොත් විතරයි මැදිහත් වෙන්නේ ඒ හැරෙන්න කිසිම ආකාරයක සම්බන්ධ වෙලා නෑ කියලා එතකොට මේ කතාවේ පදනම මොකක්ද.?
"කතාව ඇත්ත මොකද ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ  සිටින නිලධාරියෙක් සම්බන්ධ නොවිච්ච බව ඇත්ත ,නමුත් මේ සාකච්ඡාව ජනාධිපතිවරයා සහ සියලු දෙනාගේ සහ සම්පූර්ණ  සහයෝගයෙන් තමයි.අධිපතිවරයා පුද්ගලිකව නොදන්නවා කියලා කියනවා නම් මම හිතන්නේ නැහැ රටක ජනාධිපති කමට වත් සුදුසුයි කියලා.සමාන්‍ය පොලිස් ස්ථානාධිපතිවරයෙක් ට පොලිස් කොස්තාපල් හොරෙක් පවා දන්නවා මේ වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා.බස්නාහිර පළාතේ සියලු පොලිස් නිලධාරීන් දන්නවා මෙවැන්නක් වෙනවා කියලා."
*මොනවද ඔබ ළඟ තියෙන තොරතුරු මේ සම්බන්ධව ?
"සම්බන්ධව තොරතුරු තියෙනවා මම ඒ තොරතුරු තමයි කියන්නේ.මොකද මේ ප්‍රහාරයට ඉස්සෙල්ලා කලින් නාගහනන්ද කොඩිතුවක්කු මහත්තයා  සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී සියල්ල හෙලි කලා ඒකට පොලිසිය ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද.එක වලක්වන්න තිබුණා මොකද කිසිම හේතුවකට ජේෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු  මැරයින් සමග පොලුත් අරගෙන තමයි මේ හාමුදුරු කෙනෙක් එක්ක එන්නෙ.එතැන සනත් නිශාන්ත කියන පුද්ගලයා ඉන්නවා. මේ සාකච්ඡාවේ මෙයා උදේ 6:00 ට පසුව පන්දාහකට විතර ආසන්න මුළු රට පුරාම මිනිස්සු ගෙන්න ගෙන බස් වලින් ගෙන්නන්නේ අරලියගහ මන්දිරයට එනවා.මේක සම්පූර්ණයෙන්ම යෝෂිත රාජපක්ෂ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් තමයි  සම්පූර්ණ සංවිධානය කලේ සාකච්ඡාවෙන් පසුව.මගෙ ළඟ නම් ලයිස්තුව ම තියෙනවා ඒ පුද්ගලයන් ගෙන්නනවා.ජේෂ්ඨ පොලිස් අධිකාරි  පෙත්ත්‍ර තන්ත්‍රී ගේ කොටස එයා ගේ වගකීම තමයි  තමන්ගෙ කොට්ඨාසයේ අරගලයක් පැවැත්වෙනවා නං පුද්ගලයින් තවත් කණ්ඩායමට යන්න දෙන්නේ නැහැ.එක පැත්තක ආරවුලක් තියෙනවා නම් දෙගොල්ලෝ එක තැනක මුණ ගස්වන්නේ නැහැ.පොලීසියේ වගකීම තමයි නීතිය හා සාමය ආරක්ෂා කරන එක.දේශපාලනඥයා නෙමෙයි ඒකවෙයි ඒක කරන්නේ ඒකෙ වගකීම තියෙන්නේ පොලිසියට."

මම මේ පිළිබඳව දේශබන්දු තෙන්නකෝන් ගෙන් විමසුවා.ඔහු කිව්වා කිසිම සැලසුමක් නෑ කියලා.එතකොට.?
"පූර්ව සැලසුමක් නැත්තං දේශබන්දු තෙන්නකෝන් ගේ වගකීම මොකක්ද එයා කණ්ඩායමක් අරගෙන අරගලකරුවන් මැද්දට යනවද, අරගලකරුවන් ඉන්නේ නිරායුධව.ඒ සිද්ධියට ඉස්සෙල්ලා කිසිම පදනමක් නැතුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාව භාර චන්ද්‍රරත්න කියන පුද්ගලයා ,ඒ වගේම පෙත්ත තන්ත්‍රී අනෙකුත් නිලධාරීන් ගෙන්නනවා.නමුත් ඒ ගොල්ල යන්නේ අරලියගහ මන්දිරයට.ඊට පස්සේ මේ ගොල්ලොත් එක්ක යනවා අරගලයට.මේකදට කරන්න ඕනේ.පොලිසිය කරන්න ඕනේ දෙගොල්ලො දෙපැත්තට කරලා තියෙන එක.පොලු අරගෙන යන්න බැහැ කොහොමද ඒගොල්ලො පොලු අරගෙන පොලිස් නිලධාරියෙක් ඉස්සරහ යන්නේ. අමානුෂික විදිහට ගහනවා.පොලිස් නිලධාරීන් මොකද කරන්නේ එක කඳුළු වායුවක් ගැහුවද.මට තියෙන ප්‍රශ්නේ  දේශබන්දු කියන පුද්ගලයාගේ නම නෙමෙයි මේ විනාශය කළේ පොලිසියට.එක පොලිස් නිලධාරියෙක්ට ඇඳුම ඇඳගෙන ගෙදර යන්න බැහැ මොකද ජනතාවගේ පුදුම වෛරයක් ඇතිවුණා.ඉතාම හොඳ ඉතා උසස් නිලධාරීන් ඉන්නවා.කොළඹ දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සමග අනෙකුත් කොට්ඨාශ භාර නිලධාරී ලයිස්තුවක් මා සතුව තියෙනවා.කියන්නම් මම ඔබට."

*කවුද ඔය පුද්ගලයන්..?
"මෙතැන ජේෂ්ඨ දේශබන්දු සමග කොළඹ දිසාව භාර චන්ද්‍රකුමාර කියන DIG.රොහාන් ප්‍රේමරත්න ,දේශබන්දු තෙන්නකෝන් එක්ක ඉන්නවා දසනායක,පොලිස් අධිකාරී සිසිර පෙත්ත තන්ත්‍රී ,පෙත්ත තන්ත්‍රී  ගැන මුළු පොලිස් දෙපාර්තමේන්තුවම දන්නව.මේවා හෙළි කරලා මේ මිනිස්සුන්ට විරුද්ධව වහාම විමර්ශනයක් කරන්න."


*ඔබ ඉදිරිපත් කරපු නාමලේඛනය පිළිබඳව වගකීමක් ඇතුවද කියන්නේ ?
"ජේෂ්ඨ පොලිස් අධිකාරී සිසිල පෙත්ත තන්ත්‍රී කොළඹ ප්‍රදේශ භාරව ඉන්නේ ,SSP rohan ඩයස් කැලණිය කොට්ඨාසය නිශාන්ත චන්ද්‍රසේකර කොළඹ central,සහකාර පොලිස් අධිකාරී සෙනරත් කොළඹ central ,සාගර දියලගේ කොටුව OIC එතකොට CI ලියනගේ මිරිහාන HY.මිරිහාන HY ගෙන්නුවා කොල්ලුපිටියට.මෙතැන ජේෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු ජනාධිපතිවරයා ගේ නිවස තියෙන්නේ මිරිහානේ ,මිරිහානේ HYව ගෙන්නලා මෙතනට එයා යනවා මේ පෙළපාලියේ.ඒ සියලු දෙනාම ගෙනල්ලා කොච්චර ජේෂ්ඨ නිලධාරින් ද ඔතන ඉන්නේ එයාලට ඕන තරම් නියෝග නිකුත් කරන්න පුළුවන්.උද්ඝෝෂණයක් නෙවෙයිනේ මෙතන උනේ සමස්ත මුළු රටම දැක්කා මුළු ලෝකයම දැක්කා උද්ගෝෂණයක් නෙවෙයි උනේ.මයිනාගම ඉදිරියට එනකොටම ගහගෙන ආවේ.තැන ගිහිල්ලා පොලිස් නිලධාරීන් ගැහුවේ නෑ කියන එක ඇත්ත ඒක ඕන පොඩි ළමයෙක් වුණත් දන්නවා.පොලිසියේ වගකීම මොකක්ද ,ඒ අයගේ පූර්ණ වගකීම තමයි නීතිය හා සාමය ආරක්ෂා කරන එක.ජනාධිපතිගෙ පැත්තද අගමැති ගෙ  පැත්ත ද කියන එක වැඩක් නැහැ.මයිනාගමට ගහනකොට පොලිස් නිලධාරීන්  බලාගෙන හිටියා.කඳුළුගෑස් ගහන එක බලන්න ඒක අනිත් පැත්තට හරවල ගහන්නේ. "

*ඔබ කියන්නේ මේ අරලියගහ මන්දිරයට පැමිණි පිරිස මේ හැමදේම එදාම flat කරනවා කියන ප්ලෑන් එකකින් ද,ඇති නම් කලින් සැලසුමක් තිබුණද.?
"පැහැදිලිවම සැලසුම්සහගතවයි මේක ගෙනාවේ.මට පුද්ගලිකව දුරකතනයෙන් දැනුම් දීලා කිව්වා ඒ වගේ දෙයක් වෙනවා වහාම මම ලංකාවේ දැනුවත් කළ යුතු පුද්ගලයින්ට කිව්වා ."

*එතකොට එකක් රට ඇතුළේ හදිසි නීතිය ක්‍රියාත්මකයි.අනිත් එක  මැයි දිනයට මිනිස්සු එනවා වගේ ගම් වල බස් වල පිරිස ඒකරාශී ඒකරාශී වීම කියන එක කාරණා දෙක පොලිසියට වාර්තා වීමක් වෙන්නෙ නැද්ද.?
"පැහැදිලිවම පළාත්වලින් බස් එනකොට පොලිසිය OIC දන්නවා ,රාළහාමිත් දන්නවා මේ විදිහට යනවා කියලා.ඔය ගෙනාපු පොලු කොළඹ විකුණන්න තිබ්බද.මම මේ කතා කරන මොහොතෙත් අරලියගහ මන්දිරයේ තුළ ඉන්නවා පුද්ගලයෝ.අරලියගහ මන්දිරය ඇතුළේ අදටත් ගිහිල්ලා පරීක්ෂා කළොත් පොලු තියනව.සියලු දෙනාම අරගෙන ඇවිදින් පහර දුන්නේ."

*ආපු පිරිස පොලු අරගෙන ආවා ද නැත්තං අරලියගහ මන්දිරය ඇතුලින් පොලු දුන්නද?
"නෑ නැහැ ඒ ගොල්ලො එනකොටම බස් වල පටවා ගෙනයි ආවේ.මයිනාගමට ඒගොල්ලො එන්නේ ගේට්ටුවෙන් පොලු එහෙම සේරම අරගෙන.පොලිසිය අධිකරණ නියෝග කීපයක් ගන්න ලෑස්ති වුණා ඊට පස්සේ නීතිඥ සංගමය එකතුවෙලා නාගහනන්ද කොඩිතුවක්කු මහත්තයා එක අවස්ථාවක payment වල බස්රථ නවත්තනවා ."
*ඔබ විශ්වාස කරන විදිහට දැන් මෙතන පැහැදිලි වෙනවා අනෙකුත් ප්‍රහාර එක්ක  බලනකොට කඳුළුගෑස් එල්ල කරපු ආකාරය ජල ප්‍රහාර එල්ල කරපු ආකාරය අනිත් ප්‍රහාර එක්ක බලනකොට ප්‍රබල ප්‍රහාර එල්ල කළේ නැහැ.දේශබන්දු කියන්නේ රටේ පාලකයා නෙවෙයිනේ.දේශබන්දු ට උඩින් ඉන්නවා senior පුද්ගලයෙක් විදියට නන්දන මුණසිංහ,ඊට උඩින් ඉන්නවා පොලිස්පතිවරයා,පුඩින් ඉන්නවා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ශවේන්ද්‍ර සිල්වා ,ඊට උඩින් ඉන්නවා ආරක්ෂක  ලේඛම් ,ඊටත් උඩින් ඉන්නව ජනාධිපතිවරයා.කවුරුහරි උපදේශයක් දුන්නද මේ අයට ගහන්න එපා කියලා.?
"කිසි කෙනෙක් උපදේශයක්  දුන්නේ නැහැ ගහන්න එපා කියලා.එකට පසුබිම සකස් කරල දුන්නා මොකද පොලිසියට මහා හිසරදයක් ,අනිත් පැත්තෙන් ආණ්ඩුවට හිසරදයක් මේ නිහඩ  අරගලය...ලොකු ජනතා නැගිටීමක් තියෙනවා.."


*මේ අයට යන්න දුන්නෙ කවුද කාගේ අනුමැතියක් ඇතුවද.?
"බලන්න අගමැති අරලියගහ මන්දිරයට ගෙන්නලා.ජනාධිපතිවරයා පුද්ගලිකව දන්නෑ කියන කතන්දරය පැතක තියමුකෝ  අගමැතිවරයා පුද්ගලිකව මේ මිනිස්සුන්ව ගෙන්නුවේ.ප්‍රාදේශීය දේශපාලනඥයො යෝශිත රාජපක්ෂ ඔමෙ එයා තමයි මේ පණිවිඩ ඇරලා සේරම  සකස් කරේ.ජොන්ස්ටන් ප්‍රනාන්දු කතාවක් පවත්වනවා.ජනතාවට පහර දීමේ හොඳ ප්‍රකෝප කිරීමක් කිරීමක් කරනවා.සනත් නිශාන්ත යනවා ජ්‍යෙෂ්ඨ පොලිස් පති ජේෂ්ඨ පොලිස්පති එක්ක.ඉතිං මේ විදිහට වෙන්න දෙන්න බැහැ.නීතිය හා සාමය තියෙන්න ඕනේ.පොලිසිය මේ කළේ ලොකු විනාශයක්.මොකක්ද පොලිස්පති වරයා ගත්ත ක්‍රියාමාර්ගය කියන්නකො."

කොළඹ වටේ අලුතින් barriers  හයි කළා,කඩ කූරු ගැහුවා පේන් නැති වෙන්න ඇල්ලුවොත් අත තුවාල වෙන විදියට එතකොට මේ ආපු පිරිස අරලියගහ මන්දිරයේ ඉඳලා එන අය ,වලක්වන්න එපා නිදහසේ යන්න දෙන්න  කඳුළුගෑස් ගහන්න ඕන නෑ කියන උපදේශ දුන්නේ කවුද.?
"මහින්ද රාජපක්ෂ අගමැතිවරයා තමයි ගෙන්නුවේ.මේ වගේ වෙලාවක අරලියගහ මන්දිරයට ගෙන්නලා එයා පුද්ගලිකව ගහන්න එපා කියන්නේ නැහැනේ.පොලිස් විද්‍යාලයේ පුහුණුවලබනවා නිලධාරීන් නිකවැරටිය සහ කළුතර නිලධාරීන්. ඒ නිලධාරීන් ගෙන්නනවා.රාත්‍රියේ ගෙන්නන්නේ.බෙඩ් ෂීට් එකක් එලාගෙන මහ පාරේ නිදාගන්නෙ.බලන්න කොයි තරම් අවාසනාවන්ත  දෙයක් ද කොයි තරම් ලැජ්ජාවක් ද වහාම නියෝජ්‍ය පොලිස්පති පුහුණුව බාර interdict කරන්න ඕනේ.කොහොමද මෙහෙම නිලධාරීන් මුදාහරින්නේ."

*ආරංචියක් තියෙනවා පොලිස් ස්ථාන වලට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් තියෙනවා කියලා මොකක්ද මේ ගැන ඔබට තියෙන තොරතුරු.?
"ඇත්තෙන්ම ඔය සිද්ධියට අදාළව ඉතාමත් වාසනාවන්ත තත්ත්වයක් තියෙන්නේ ජනතාව ප්‍රධාන වශයෙන්ම නීතිය අතට අරගෙන කටයුතු කරනවා.ඒවට ඉඩ දෙන්න බැහැ මොකද ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා නම් ඒවා වලක්වන්න දැන් ඇඳිරි නීතිය තියෙනවා.මෙවැනි තත්ත්වයක් ඇති වෙනවා කියලා කිහිප දෙනෙක්ම කතාකරලා කිව්වා.ගෙවල් ගිනි තියෙන ඒවගේ හරි ප්‍රශ්නයක් තියෙනවා.බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ගේ නිවස ගිනි තියෙනකොට ඒ ගිනි ගන්න ගෙවල් අපරාධ විමර්ශකයෙක් විදිහට මම බලනකොට මම දකින එක කෝණයක් තියෙනවා මොකද මේ ගෙවල් ක්ෂණිකව පත්තු වෙනවා.මෙහෙම වෙන්න බැහැ.ටික ඔහොම ගිනි තියන්න ලංකාවෙ තෙල් නැහැ පෙට්ට්‍රල් තියෙනවද.ඒකට හොඳ විමර්ශනයක් කරන්න ඕනේ. "

*ඔබ  කියන්නේ සාමාන්‍ය ජනතාව එල්ලකරපු ප්‍රහාර නෙමෙයි ඊට වඩා සැලසුම් සහගත යම් කිසි දෙයක් තියෙනවා කියන එකද.?
"පැහැදිලිවම මම මගේ අත්දැකීමෙන් මම හිතනවා ..."

*සිරකරුවන් මෙම භූමියට වාර්තා කරලා කියලා ආරංචි තියෙනවා,පොලිස් නිලධාරියෙක් මිය ගිහිල්ල තියනව,කඳුළුගෑස් ආයුධ පාවිච්චි කිරීමෙන් බොහෝ පිරිසක් මිය ගිහින් තියෙනවා, මොකක්ද ඒ ගැන ඔබ කියන්නේ.?
"පැහැදිලිවම ඔතෙන්ට එන්නේ වටරැක හමුදාව.වටරැක කඳවුරේ හිටපු පුනරුත්ථාපන රැඳවියෝ  මුළු ලංකාවේ හැම තැනකින්ම ගෙන්නලා තියෙනවා රැඳවියෝ.රාමනායක කියන පුද්ගලයා අරගෙන ආවේ.බන්ධනාගාර කොමසාරිස් හරිනම් මේ වෙනකොට  interdict  කරන්න ඕනේ.දේශබන්දු ලා interdict කරන්න ඕනේ .එක සම්පූර්ණයෙන් සැලසුම් සහගතයි කියන එක මම පැහැදිලිවම කියනවා.කොළඹ තියෙන පොලිස් කොට්ඨාශ වල කඳුලු ගෑස්  කල් ඉකුත් වෙලා.මම දන්නවා එක මාධ්‍යවේදියෙක් රෝහල් ගත වෙලා හිටියා.මම වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගෙන ඒ දේවල් අහගන්න කොට එයා කියනවා අනිවාර්යෙන් කල් ඉකුත් වෙලා ඇති කියලා.කඳුළුගෑස් අවියක් කවදාවත් එහෙම පුපුරන්නේ නැහැ.එහෙම පුපුරනවා නම් ඒකෙ කාර්මික දෝෂයක් තියෙන්න ඕනේ. "

*ඔබ කියන්නේ එතකොට මේ කල් ඉකුත් වෙච්ච ඒවද ගෝල්ෆේස් අරගලයට පාවිච්චි කළේ කියලා.?
"පාර්ලිමේන්තු වටරවුමට සහ ගෝල්ෆේස් ඒකට නං කඳුළුගෑස් ගැහුවේ නෑ නේ ..."

*අවසාන වශයෙන් මං ඔබෙන් අහන්නේ කවුද මේ සිද්ධීන් පිළිබඳව වගකීම භාර ගත යුත්තේ?
"මම ඉල්ලීමක් කරනවා ශ්‍රී ලාංකික ජනතාවගෙන් කුමන හෝ ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට යන්න එපා.මම දේපල විනාශ කරලා වෙනස් කරන්න යනවනං රටක් කවදාවත් ඒ තත්වෙට යොමු වෙන්න එපා.අපි විනාශ කරන්න ඕනේ අපේ තියෙන අදහස්.දේශපාලන ගැති භාවය ඒවා විනාශ කරන්න.මේ සිද්ධිය සම්පූර්ණ වගකීම බාරගන්න ඕනෙ රටේ අගමැතිවරයා.අගමැතිවරයා සමග එතන හිටපු සියලුම කැබිනට් ඇමතිවරු.ඒ සියලු දෙනාම මේ වගකීම භාර ගන්න ඕන ඊට අමතරව යෝෂිත රාජපක්ෂ දැන් රටෙත් නැහැ සිංගප්පූරුවට පැනලා ගිහිල්ලා.ඒ පුද්ගලයා තමයි පුද්ගලයින් සම්බන්ධීකරණය කරලා ගෙන්නුවේ.නීතිය හා සාමය ඉටු නොකිරීම පිළිබඳ පොලිස්පති වරයා සමග.රටේ අගමැතිවරයා මැරයො ගෙන්නලා ගෙන්නලා මිනිස්සුන්ට ගහනවා වගේ දෙයක් තමයි මේ කළේ...අවසාන වශයෙන් මම කියන්නේ රටේ ජනතාවට කරුණාකරලා අනවශ්‍ය විදිහට පොලිසියත් සමග ගැටුම් වලට යන්න එපා."
Discussion - Chamuditha Samarawicrema

මෙම සිදුවීම සිදුවන්නට පැය ගණනාවකට පෙර 9 වනදා පාන්දර  IODPP Police නමැති යූටියුබ් නාලිකාව ඔස්සේ අජිත්  ධර්මපාල සැලසුම්කළ අයගේ නම් ගම් පවා හෙළි කර පළ කළ වීඩියෝව පහළින්