Roads-Bambalapitiya-Dehiwala-Thalawathugoda-closed-due-to-fuel-protests

1.50pm
ඉන්ධන ඉල්ලා පාරිභෝගිකයින් කලහකාරී ලෙස හැසිරීමක් නිසා හොරණ කොළඹ 120 බස් මාර්ගය බෝකුන්දර ප්‍රදේශයෙන් අවහිරවී දැඩි මාර්ග තදබදයක් වාර්තාවේ.


1.30pm
ඉන්ධන ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට බේස්ලයින් මාර්ගයද දෙමටගොඩින් අවහිර වී තිබෙයි.
12.30pm
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පෝලිම්වල සිටි ජනතාව ප්‍රකෝපවී මාර්ග අවහිර කරමින් දිවයිනේ ස්ථාන ගණනාවක අදත් විරෝධතා පැවති අතර



තලවතුගොඩ-පිටකෝට්ටේ මාර්ගය මාදිවෙල ප්‍රදේශයෙන් වැසී ඇති බවද දෙහිවල ගුවන් පාලම අසලින් ගාලු පාර වැසී ඇති බවද ඊට අමතරව ගාලුපාර බම්බලපිටියෙන්ද් අවහිර කරමින් පිරිසක් ඉන්ධන ඉල්ලා විරෝධතාවක නිරත වන බව වාර්තා විය. මේ නිසා අද දිනයෙහි මාර්ග තදබදයන් රැසක් වාර්තාවී ඇත.