
රාජගිරිය, වැලිකඩ ප්ලාසා ගොඩනැගිල්ලේ පළමු මහලේ ඊයේ (22) දා සැකසහිත ලෙස සැරිසරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂා කිරීමේදී ඔහු සතුව තිබී ඇමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් සොයාගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි අසූ දෙලක්ෂ පනස්දහසකි. පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව සැකකරු සන්තකයේ තිබූ ගමන් බෑගය පක්ෂා කිරීමේදී මෙම ඩොලර් නෝට්ටු හමු වූ බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 15, අලුත් මාවත පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙකි. මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඇති නෙතිකභාවය උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වැලිකඩ පොලීසිය වෙත භාර දී තිබිණි.

Comments
Post a Comment
Your comment will be visible after approval