46.3-million-yen-of-COVID-relief-funds-given-to-people-in-a-Japanese-city-have-fled

ජපානය වෙත බලපෑ COVID-19 වසංගත තත්වයත් සමග බලපෑමට පත් වූ තනි පුද්ගලයන් සහ ව්‍යාපාර වෙත සහන සැලසීම සඳහා ලබාදුන් ජපාන යෙන් මිලියන 46.3ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු පිළිබදව එරට මාධ්‍ය අනාවරණය කරයි. 24 හැවිරිදි තරුණයෙකු වන මොහු මෙලෙස වංචා කර ඇත්තේ එරට යමගුචි නගරයේ නිවාස 463ක වෙසෙන ජනතාව වෙත රජය මගින් අනුමත කෙරුණු සහන මුදල්ය.



මෙහිදී නගර බලධාරීන් එක් අයෙකු වෙනුවෙන් යෙන් ලක්ෂයක් බැගින් වත්කර තිබී ඇත.සිදුවීම සම්බන්ධයෙන් නගරයේ නගරාධිපතිවරයා ජනතාවගෙන් සමාව ඉල්ලා ඇති අතර, මෙය රජයේ ලිපිකරුවන් සිදුකළ වැරදි ගණන් කිරීමක් නිසා සිදු වූවක් බවත් එය නිවැරදි කර හැකි ඉක්මනින්ම මුදල් ලබාදීමට කටයුතු කරන බවත් පවසා තිබේ. කෙසේ වෙතත් මේ වනවිට එම පුද්ගලයා අදාළ මුදල සමග අතුරුදන්ව ඇතැයි සඳහන් වෙයි. ජපාන මාධ්‍ය අනාවරණය කරන ආකාරයට 2022 අප්‍රේල් 08වැනිදා එම පුද්ගලයාගේ ගිණුම වෙත මෙම මුදල් බැරවී ඇත. අනතුරුව ඔහු දිනකට යෙන් ලක්ෂ හයක් බැගින් එම මුදල් බැංකුවෙන් ඉවත් කරගෙන තිබේ. මෙම වැරැද්ද පිළිබදව අනාවර්ණය වීමෙන් අනතුරුව ජපාන නගර බලධාරින් එම මුදල් පිළිබදව සෝදිසි කර ඇති නමුත්, ඒවා සොයා ගැනීමට නොහැකි වී තිබේ.

එහෙත් පසුව අප්‍රේල් 21දා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ එම මුදල් තම ගිණුමෙන්ද එක්වරම ඉවත්වී ඇති බවකි. තමා පලා නොයන බවත්, කළ වැරැද්දට දඩුවම් විදීමට සූදානම් බවත් ඔහු පවසා ඇත. ඒ අනුව ඔහුට එරෙහිව සොරකම් කිරීමේ චෝදනා යටතේ නඩු ගොනු කිරීම සම්බන්ධයෙන් සහ දඩ පැමිණවීම සම්බන්ධයෙන් නීතීඥයන්ගේ ආධාරයෙන් කරුණු විමසීමට නගර බලධාරින් පියවර ගෙන ඇත.



එහිදී සොරකම් කළ මුදල සහ නීතීඥ ගාස්තුව එක්ව ඔහුට යෙන් මිලියන 51.16ක මුදලක් ගෙවීමට තීරණය වී තිබේ. කෙසේ වෙතත් මෙලෙස බලධාරින් යටතේ විමර්ශනයට ලක්ව සිටින කාලසීමාවේදී එම 24 හැවිරිදි පුද්ගලයා යළිත්පලා ගොස් ඇති අතර, ඔහු සිය බැංකු ගිණුම් සියල්ලම හිස් කරමින්, රැකියාවෙන්ද ඉවත්වෙමින් සිය නිවෙසින්ද පලාගොස් ඇතැයි ජපාන මාධ්‍ය සදහන් කරයි.