
ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමින් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්න මහතා කියා සිටියේ
තමන් ඇතුළු පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැනුමෙන් හා අත්දැකීම්වලින් කිසිදු වැඩක් නොගැනීම මෙරට පාර්ලිමේන්තුවේ ඇති බරපතළ ප්‍රශ්නයක් බවයි.
“මේ පාර්ලිමන්ට් එක සිකුරාදායින් අපි වහනවා. හරි නම් හෙටත් අනිද්දාත් දිගටම වැඩකරලා මේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න ටික විසඳන්න ඕනෙ. අපි හිතන් හිටියෙ රටේ ප්‍රශ්න ටික විසඳන්න ඕනෙ පාර්ලිමන්ට් එකට ඇවිල්ලා කියලා. නමුත් මෙතනත් ඒකට විසඳුමක් නැත්නම් කොහෙද විසඳුම් තියෙන්නෙ ? තීන්දු තීරණ ගන්න ජ්‍යේෂ්ඨ ඇමතිවරු, මන්ත්‍රීවරු, ජ්‍යේෂ්ඨ දේශපාලනඥයො ඇයි තීන්දු තීරණ ගන්නෙ නැත්තෙ ? තීන්දු තීරණ ගන්න බැරි නම් අපට දෙන්න, අපි ගන්නම් !
ජ්‍යේෂ්ඨ තනතුරු – අගමැතිකම හරි කමක් නෑ, කිසි ප්‍රශ්නයක් නෑ – අපට දෙන්න. අපි තීන්දු තීරණ අරගෙන මේ රටේ ප්‍රශ්න විසඳලා ආපහු ඒක දෙන්නම්. මන්දිර අවශ්‍ය නෑ, V8 ඕනෙ නෑ, ආසන ඕනෙ නෑ, මේ මහපොළවෙ වාඩිවෙලා හරි මේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න ටික විසඳීමේ වගකීම දැන්වත් තේරුම් ගන්න”
Comments
Post a Comment
Your comment will be visible after approval