
අද(08) දින පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අතර තුර අශෝභන ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සභාවෙන් ඉවත් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන වේත්‍රධාරීවරයාට උපදෙස් ලබා දුන්නේය.
මෙලෙස එම මන්ත්‍රීවරුන් දෙදෙනා ඉවත්කරන තුරු කතානායකවරයා සභාවට නොපැමිණෙන බවද කතානායකවරයා දැනුම් දුන්නේය.
මෙලෙස සභාවෙන් ඉවත්කරනු ලැබුවේ තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයා සහ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයායි.
පසුගිය දිනවල මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ඔවුන්ගේ නිවෙස් වලට පොලිස් නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති විය.
පසුව එය ගුටි හුවමාරුවක් දක්වා දුර දිග ගියේය. video පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval