
රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසරේ පළමු පාසල්වාරය හෙට(18) ආරම්භ වීමට නියමිතය.
හෙට සිට ආරම්භ කරන නව වාරයේ සිට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කරමින් පැවසුවේය.
නමුත් දැන් වාර්තාවන්නේ මෙලෙස අමතර පැයක් පාසල් කාලය දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි. ගුරු සංගම් එකී තීරණයට විරුද්ධතාව දක්වා තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval