
2022 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ලබන 19 වනදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය පැවසුවේ,දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බවය. කෙසේවෙතත් අභියාචනා ලැයිස්තු සම්බන්ධයෙන් ගැටලු පවතින පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව අතිරේක ලේකම්වරිය පැවසුවාය.
Comments
Post a Comment
Your comment will be visible after approval