
අප්‍රේල් 18 ආරම්භ වන 2022 පළමු පාසල් වාරයේදි සියලු රජයේ පාසල් හි පාසල් පැවැත්වෙන කාලසීමාව පැයකින් දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.ඒ අනුව උදෑසන 7.30 සිට සවස 2.30 දක්වා පාසල් පැවැත්වීමට නියමිතය.
පසුගිය කාලයේ වසංගතය හේතුවෙන් අතපසුවූ පාඩම් වැඩ හේතුවෙන් පාසල් වාරයක වැඩ අහිමිවීම හා විභාග ආදිය කල් දැමීමට සිදුවීමෙන් පෙර පුරුදු කාලසටහනට අදාළ යාන්ත්‍රණය වෙනස්වී ඇති නිසා ඉදිරි වසරේදී සාමාන්‍ය පාසල් කාල රාමුව සකසා ගැනීමට මෙම වෙනස සිදුකරන්නට යෝජිතය. ඒ අනුව වාර දෙකක් තුළ වාර 3 ක වැඩ කරන්නට අවශ්‍ය බැවින් වැඩිපුර වේලාවක් අවශය බව ගුරුවරුන් සමගසාකච්ඡා කර තීරණය කර ඇතැයි වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval