
බොලිවුඩයේ සුපිරි තාරකා යුගළයක් වන රන්බීර් කපූර් හා ආලියා භාත්ගේ විවාහය අද සිදුවෙයි.
මංගල උත්සව ඊයේ එරට මෙහෙන්දි උත්සවයෙන් ආරම්භ වී ඇති අතර, මේ වන විට නීතු කපූර්, රිද්දිමා කපූර්, ෂහීන් භාත්, සෝනි රස්දාන් ඇතුළු මිතුරන් සහ පවුලේ සාමාජිකයින් මනාල යුවළ සිටින රන්බීර්ගේ නිවසට පැමිණීමට පටන් ගෙන තිබෙන බව ඉන්දියා ටයිම්ස් වාර්තා කර තිබේ.
මහජනතවට ප්‍රසිද්ධ නොකළ කටයුත්තක් ලෙස සඟවා තිබූ මෙම විවාහ මංගල්‍යයට පැමිණෙන්නේ පවුලේ සාමාජිකයන් සහ සමීප මිතුරන් පමණක් ඇතුළුව අමුත්තන් 20-30ක් පමණක් බවද කියැවිණි.
විවාහයට පැමිණෙමින් සිටින අයගේ ඡායාරූප කිහිපයක් ඉන්දීය මාධ්‍ය ප්‍රසිද්ධ කර තිබුණි.







