rambukkana-curfew

කෑගල්ලේ රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
ප්‍රදේශවාසීන්ට නිවෙස්වලට වී සිටින ලෙස දන්වා ඇත.
එම ප්‍රදේශය හරහා ගමන් කිරීමට නියමිත සියලු දෙනා විකල්ප මාර්ගය භාවිත කාරන්නැයි පවසයි.

රඹුක්කන ප්‍රදේශයේදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පිරිසෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 3 දෙනෙකු බරපතල තත්වයේ පසුවේ.තුවාල ලැබූ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇත.එම පිරිස අතර පොලිස් නිලධාරීන් 08 දෙනෙකුද සිටී.

අද අලුයම 1.30ට පමණ විරෝධතාවය ආරම්භ කිරීමත් සමග රඹුක්කන – මාවනැල්ල, රඹුක්කන – කෑගල්ල සහ රඹුක්කන කුරුණෑගල යන ප්‍රධාන මාර්ග තුනේම ගමනාගමනය ඇණහිට තිබුණි.