
මෙවර සති අන්තයේ විදුලි කප්පාදුව සිදුකරන කාලය අඩු කිරීමට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා
කොමිසම පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, අද (07) සහ හෙට (08) යන දෙදින ද සාමාන්‍ය
පරිදි පැය 06යි මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සිදුවූ පසු සති අන්තය අවම කළ හැකි බවය.
ඉදිරි කාලය තුළ ක්‍රමානුකූලව විදුලි කප්පාදුව සිදුකරන කාලය අඩුකිරීමට බලාපොරොත්තු වන බව මහජන
උපයෝගතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.
‘සති අන්තයේ දී අපිට තියෙන ඉල්ලුම අඩුවෙන නිසා විදුලි කප්පාදුව අඩුකරන්න හැකියාව තියෙනවා.
ඉන්දියන් කෙඩිට් ලයින් එකෙන් අපිට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලැබෙනවා. ඒ වගේම කලින් මුදල් ගෙවලා
තියෙන ෂිප්මන්ට් එකක් අද ලංකාවට එන්න සැලසුම් කරලා තියෙනවා. සුමානයක් විතර තිබුණ නැවටත් මුදල්
වෙන්කළා කියලා දැනගන්න ලැබුණා. ඉදිරියේ දී සිංහල දෙමළ අවුරුද්ද එන නිසා විදුලි කප්පාදුව අවම
කරලා මහජනතාවට කිසියම් සහනයක් ලබාදීම මහජන උපයෝගිතා කොමිසමේ කාර්ය වෙන්නේ. "
Comments
Post a Comment
Your comment will be visible after approval