
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් අද (15) දිවයිනට පැමිණෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති, සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, ඉන්දීය ණය සහනාධාර යටතේ එම ඉන්ධන තොගය මෙරටට ලැබෙන බවය.
එම ඉන්ධන තොගය දින 25කට පමණ ප්‍රමාණවත් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.
මේ අතර ඊයේ (14) දින පැමිණි ඩීසල් මෙට්‍රික් ටොන් 41,000 මේ වනවිට ගොඩබාමින් පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.
එම ඉන්ධන තොගය ද මෙරටට ලැබුණේ ඉන්දීය ණය ආධාර යටතේදීය.
ඛවිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ, මේ වනවිට ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග රට තුළ පැවතියද අනිසි තොග රැස් කිරීම් හේතුවෙන් ඉන්ධන හිඟයක් මතුව ඇති බවය.
කෙසේ වෙතත් ඊයේ (14) අවුරුදු දිනයේත් ඉන්ධන, ගෑස් සහ භූමිතෙල් ලබා ගැනීමට දිවයිනේ බොහෝ ප්‍රදේශවල දිගු පෝලිම් පැවතිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval