
අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මහ බැංකු අධිපති ධුරය
ආචාර්ය නන්දලාල් වීරසිංහ කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.
පළපුරුදු අර්ථ ශාස්ත්‍රඥයෙකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිටින අතර ඔහු මෙම තනතුර භාරගැනීමට කැමැත්ත පළ කර ඇත.
ලබන හත් වැනි දා (7) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් වාර්තා විය.ආචාර්ය වීරසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධි හිමිය. ශ්‍රී ලංකා මහා බැංකුව පරිශීලනය කරනු
ලබන පර්යේෂණ පත්‍රිකා ගණනාවක කතුවරයා වන ඔහු මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සහ විදේශ සංචිත
කළමනාකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසටද කටයුතු කළ අයෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval