
අද (20) පාර්ලිමේන්තු සභාවාරයේදී රඹුක්කන සංසිද්දිය ගැන කතා කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා මෙසේ ප්‍රකාශකර සිටියේය.
''විශේෂයෙන්ම මේ සිදුවීම ගැන අපි කණගාටුව ප්‍රකාශ කරනවා විතරක් නෙවෙයි අපිට කිසිදු පහරදීමක් අනුමත කරන්න බෑ...යම්කිසි දෙයකින් සිදුවීමක් සිදුවෙලා තියෙනවා මේ පිලිබඳ සාධාරන පරික්ෂණයක් සිදු කරන්න ඕන....ඒ වගේම තමයි වීඩියෝ පට සමාජමාධ්‍ය වල තියෙනවා.එහි එක වීඩියෝ එකක් තියෙනවා පොලිසිය විසින් ගිනි තිබ්බා කියලා අනිත් පැත්තෙන් ටයර් වල හුලං අරින බවුසරයට පහර දෙන වීඩියෝ පටත් තියෙනවා...
ඒ නිසා මේ පිළිබඳ සාධාරණ පරික්ෂණයක් මෙන්ම මේ තියෙන සියලු වීඩියෝ පට
විශ්ලේෂණය කරන්න ඕන..ඒ වගේම පෙට්‍රල් ෂෙඩ් එක ගිනිගන්න වීඩියෝ පටත් තියෙනවා අනිවාර්යෙන් ඒකේ CCTV ඇති ඔබ තුමා මේකට මැදිහත් වෙලා මේ දර්ශන මාධ්‍යට නිකුත් කරන්න....''
Comments
Post a Comment
Your comment will be visible after approval