
ආර්ථික අභියෝග, විරෝධතා සහ නොසන්සුන්තා හේතු සඳහන් කරමින් මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මෝල්ඩීවියන් එයාර් ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
එරට ගුවන් සේවා ආයතනය වන ‘අයිලන්ඩ් ඒවියේෂන්‘ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ රත්මලාන වෙත ගුවන් ගමන් මැයි 1 වැනිදා සිට අත්හිටුවන බවයි.
කොළඹ වෙත නැවත මෙහෙයුම් ආරම්භ කරන්නේ කවදාද යන්න මෝල්ඩීවියන් එයාර් හෙළි කර නොමැත. ශ්‍රී ලංකාවේ ස්ථාවර තත්ත්වය මත පදනම්ව දිනය තීරණය කරන අතර එය සමීපව නිරීක්ෂණය කරන බව සමාගම පවසයි.
ශ්‍රී ලංකා රජයට එරෙහි විරෝධතා උත්සන්න වී තිබේ.
ශ්‍රී ලංකාව මාලදිවයින් සිසුන් විශාල සංඛ්‍යාවක් සිටින රටකි. ඇතැමුන් සතිඅන්තවල සියරට යන අයද වෙති. මේ නිසා එවැනි සිසුන් විශාල දුෂ්කරතා රැසකට මුහුණ පානු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval