
පාර්ලිමේන්තු සභා වරයේදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව සහ රඹුක්කනදී සිදුවුන වෙඩි තැබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.
" මම බොහෝම පැහැදිලිව කියන්න ඕනේ මගේ ආණ්ඩුව කාලේ මෙහෙම දේවල් සිදු වුනේ නැහැ..
මෙතන කලින් කතා කල මන්ත්‍රීතුමා කිව්වා පාස්කු එකට මම සම්බන්ධයි කියලා..එක මම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.හරිහැටි තොරතුරු නොදැන එවැනි චෝදනා මා වෙත එල්ල කිරීම පිළිබඳව මම දැඩි සේ කණගාටුවට පත්වෙනවා. පසුගිය දින සිදුවුන රඹුක්කන වෙඩි තැබීම රූපවාහිනිය බලනකොට මම දැක්කේ දුවන මිනිස්සු පිරිසකට තමයි පිටිපස්සෙන් වෙඩි තිබ්බේ.සමාන්‍යයෙන් කලබලයක් වුනාම කඳුලු ගෑස් ගහන එක සමාන්‍ය දෙයක්.. නමුත් මගේ ආණ්ඩු කාලේ ආණ්ඩුවේ තුවක්කු එකක්වත් කිසිම කෙනෙකුට පත්තු වුනේ නැහැ. අපරාධකාරයෙක්ටවත් පත්තු වුනේ නැහැ. රඹුක්කන සිද්ධියෙන් ඝාතනය වු තරුණයා වගේම ඒ වෙඩි වැදුන සෑම කෙනෙකු වෙනුවෙන්ම බලවත් කණගාටුව වගේම එම සිද්ධියට විරෝධය පල කරනවා.. "
Comments
Post a Comment
Your comment will be visible after approval