mahinda-speaks

නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාව වෙත අද දහවල් අදහස් දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ වත්මන් දේශපාලන තත්වය ගැන අදහස් දැක්වීමක් සිදු කර තිබේ.
ඊයේ රාත්‍රී කොළඹ පුද්ගලික රෝහලකට අසාධ්‍යව ඔහු ඇතුළත් කළ බවට පැතිර ගිය ආරංචිය පට්ටපල් බොරුවක් බව අගමැතිවරයා කියා සිටි අතර තමාට තාම තරුණයෝ එක්ක දුවන්න පුළුවන් යයිද කීය.
පක්ෂ එකාට එකා නැති තත්වයක් තුළ අන්තර්පාලනයක් ඉදිරියේදී පිහිටුවන්නේ නැති බවත් එසේ කරයි නම් තමාගේ අගමැතිකම වෙනස් නොවන බවත් කීය.
මේ අතර ගාලුමුවදොර විරෝධතාකරුවන් සාකච්ඡාවට ආවේ නැතැයිද ඔවුන් දිගටම ඕවා කරගෙන ගියාට තමාට වගක් නැතැයිද ඔහු අදහස් පළ කළේය.

එම සාකච්ඡාවට අදාළ සටහන පහතින්



අගමැතිතුමා විවිධ ප්‍රචාර යනවා සමාජ මාධ්‍ය තුළ ඔබ අසනීප තත්ත්වයෙන් පසුවෙනවා, ඊයේ රෑ
පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණා කියලා?


පට්ටපල් බොරුවක් මම  ලෙඩෙක් බලන්නවත් ගියේ නෑ ඒ පැත්තේ. මේ දැනුත් දුවලා එක්සයිස් කරලා
ආවා විතරයි. ඒ හින්දා තාමත් මට ඔය තරුණයෝ එක්ක දුවන්න පුළුවන්.

රටේ වත්මන් තත්ත්වය ගැන ඔබතුමාට මොනවද කියන්න තියෙන්නෙ?

මේ වගේ තතත්වයන් ඇතිවෙනවා. මේවායින් ගොඩ එන්න වැඩ කරන්න ඕන. මීට වඩා දරුණු තත්ත්වයක්
තිබුණා රටේ පසුගිය කාලයේ.



මන්ත්‍රීවරු පිරිසක් කියනවා ඔබට අගමැතිධුරයෙන් ඉවත් වෙන්න කියලා?

මම හිතන්නේ නැ බහුතරයක් කියනවා කියලා. කිහිපදෙනෙක් කියනවා ඇති. ඉතිහාසයක් ගැන අවබෝධයක්
නැති මිනිස්සු කියනවා ඇති. මටනම් එහෙම කවුරුත් කියලා නෑ. මම දන්න තරමින් කවුරුත් එහෙම කියන එකක්
නෑ.

අපි දැක්කා හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනපතිවරයාට ලිපියක් යවලා කියලා  කියලා
තියෙනවා අන්තර්වාර රජයක් පිහටුවන්න අග්‍රාමාත්‍යවරයා ඇතුළු  කැබිනට් මණ්ඩලය ඉවත්වෙන්න ඕන කියලා?


මොන අන්තර්පාලනයක්ද? එකාට එකා නැතිව කොහොමද අන්තර්පාලනයක් ගේන්නේ. එක එක්කෙනාගේ
ප්‍රතිපත්ති, එකඟතාවන් නැතිව කොහොමද අන්තර්පාලනයක් ගේන්නේ. අන්තර්පාලනයක් ගේනවානම් මගේ
ප්‍රධානත්වයෙන් තමයි ගේන්න ඕන. රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් අය දාගෙන මේක කරන්න හදනවනම්
මම හිතන්නේ නෑ අනෙක් අය මේකට කැමතිවෙයි කියලා.



ගාලුමුවදොර දවස් 15ක් තිස්සේ අරගලයක් තියෙනවා. මේ අරගලය ගැන ඔබතුමා මොකක්ද කියන්නේ?

අරගලයක් යනවා. විසඳුම් දෙන්න සාකච්ඡා කරන්න ඕන. එයාගට මට කියන්නේ තියෙන්නේ රජයත් එක්ක
සාකච්ඡා කරන්න. ඒ අය විශ්වාස කරන රජයේ පාර්ශ්වයන් එක්ක කථා කරන එක තමයි හොඳ. නැත්නම්
අරගලය දිගින් දිගටම කරගෙන ඉන්න පුළුවන්.

අරලිය ගහ මන්දිරය විවෘතයි. ඒ සාකච්ඡා කරන්න දිනයක් වේලාවක් දෙනවනම් ඒ අය කැමති මැති
ඇමතිවරු මම ගෙනල්ලා දෙන්නම්.