
පසුගියදා රජයට එරෙහි GoHomeGota විරෝධතාවයේ නියැළුණ අයගෙන් ඇතැමෙකු රට වෙනුවෙන් සටන් කරන බව දක්වමින් ශ්‍රී ලංකාවේ ජාතික ධජය සහිත ෆ්‍රේම් එකක් සිය ෆේස් බුක් ප්‍රොෆයිල් ඡායාරූපයට එක්කරගන්නා ලදි.
අද (6) රාත්‍රී කිසිවෙකුගේ යෝජනාවක් නිසාදෝ මහින්ද රාජපක්ෂ අගමැති මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනපතිද ඇතැම් ඇමතිවරුන් කිහිපදෙනෙකුද සිය ප්‍රොෆයිල් පික්චර් වෙනස් කරගෙන එම සටනට සහය දක්වන්නන් ලෙස පෙනී සිටීම විශේෂිතය. මෙය උපහාසයට කරන ලද්දක්ද නැතිනම් වෙනත් ආකල්පයක් හෝ පණිවිඩයක් රටට සපයන්නට කර ඇතිද යන්න පැහැදිලි නැත.
කෙසේ වෙතත් පසුගිය සතියේ ගෝඨාභය රාජපක්ෂගේ ෆේස් බුක් පිටුවේ පාඨක ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව (කොමෙන්ටු පළ කිරීම්) අත්හිටුවා තිබූ අතර තවම එම අත්හිටුවීම පවතී.


Comments
Post a Comment
Your comment will be visible after approval