mahinda-deshapriya-speaks

මේ සමග පළවන්නේ පවතින අර්බුදය සම්බන්දයෙන් හිටපු මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සිදු කළ අදහස් දැක්වීමකි.




 මේ රටේ වර්තමානයේ ඇති වී තිබෙන මෙම අර්බුදය සම්බන්ධයෙන් රටේ වගකිවයුතු පුරවැසියෙක් ලෙස ඔබතුමාගේ අදහස කුමක්ද?

"මේක ඇත්තටම අද ඊයෙක අති වූ දෙයක් නෙමේ. දිර්ඝ කාලයක් තිස්සේ අපි ණය මතම යැපි යැපී ඉදලා, ඒත් එක්කම බදු ආදායම අහිමි කර ගත්තායින් පස්සෙ තමා මේ ආර්ථිකය කඩා වැටුණේ. අනිත් පැත්තෙන් උපදෙස් සම්බන්ධයෙන් පැවති ගැටලු මතුවීමෙන් කාෂිකර්මය කඩා වැටුණා. ඒත් එක්කම ඩොලර් හිගයකුත් මේ සඳහා බලපෑවා. මම දකින ප්‍රධානම වරද වන්නේ මේ රටේ දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති වීමයි. විශේෂයෙන් ආණ්ඩු පක්ෂය තුළත්, විපක්ෂයේ ප්‍රමුඛ පක්ෂ තුළත්නායකයන්ගේ මතයට සියල්ලෝම ක්‍රියාකරන විට, බිම් මට්ටමේ ඉදලා මුලින්ම සාමාජිකයන්ගේ, ජනතාවගේ අදහස් මහජන නියෝජිතයන් වෙත නොයන එක ගැටලුවක්.

ඒ විතරක් නෙවෙයි මහජන නියෝජිතයෝ කියන දේවල් ඇමති මණ්ඩලයට යන්නෙත් නෑ. ඇමති මණ්ඩලයේ අදහස් ඇමති මණ්ඩලයේ සිටින පුමුඛයන් වෙත යන්නෙත් . ඒ වගේම ජනාධිපතිතුමා වෙත යන්නෙත් නෑ. මේ තත්වය විපයටත් පොදුයි. ඒ නිසා සදා අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් දේශපාලන පක්ෂ තුළ නැහැ. ඊළඟට මහජන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන දෙයක් සිදුවෙමින් නෑ. බොහෝ දෙනෙක්ගේ අදහස වන්නේ අවුරුදු පහකට පාරක් මිනිස්සුන්ට කතා කළාම ඇති කියන එක. ඒ නිසා මහජන අදහස් වීම ප්‍රයෝජනයට ගැනීමේ නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ ඔක්කොම එකතුවෙලා, ගිනිකන්ද පිපිරුවා වගේ පීඩනය පිපිරීමක් තමා වෙලා තියෙන්.


මේ තත්ත්වයට විසඳුම් ලෙස ඔබට දිය හැකි විසඳුම් මොනවාද?


මට පෙනෙන අයුරින් මේ ගැටලුවට තාවකාලික ක්ෂණික හා දිගුකාලීන විසඳුම් දිය යුතුයි. එහි තාවකාලික විසදුම ඇත්තේ පවත්නා ව්‍යවස්ථාමය රාමුව තුළමයි. එය කළ හැක්කේ 225 එක්ව, අවංක හැගීමෙන් යුතුව, ජන අභිලාසයට ගරු කරමින් සාකච්ඡා හා සම්මුති මගිනි. දැනට යම් පිරිසක් පෙන්වා දී ඇති අයුරීන් මේ ගැටලුව විසදීමට හැකි විද්වතුන් කිහිපදෙනෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරගෙන, කෙටි කලක් සදහා ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් තාවකාලික භාරකාර ආණ්ඩුවක් පත්කර ගැනීම සුදුසු බවයි මමත් හිතන්නේ. මොකද ජනතාවගේ පර්මාධිපත්‍ය බලය තුළ වූ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට. එනම් 225ටද පවරා ඇති බැවින්, මේ අවස්ථාවේදී ඉන් බැහැර වීමේ හැකියාවක් පෙනෙන්නේ නැහැ. ඒසේත් නැතිනම් මේ අර්බුදය විසදීම සඳහා වහාම සුදුසු පියවර ගන්නා ලෙස ආණ්ඩුවට නියමයක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගැනීමේ හැකියාවක් තිබේදැයි සොයා බැලිය යුතුයි. ජනතාව විසින් ව්‍යවස්ථානුකූලව 225ට පවරා ඇති නියෝජනය ආපසු පවරාගෙන, සෘජු ප්‍රජාතන්ත්‍රවාදය භාවිත කර යම් වෙනත් පිරිසක් විසින් ක්‍රියාත්මක කිරීමට යැම, අරාජිකත්වයට, කෘර ඒකාධිපති පාලනයකට හෝ මිලිටරීකරණයකට මගපාදඟට හේත්තු විය හැකියි. එම නිසා තමන්ගේ පක්ෂයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව. පසුගිය ඡන්ද විමසීම්වලදී ලද සංඛ්‍යාව, අනාගතයේදී ලැබෙන මන්ත්‍රී ධුර සංඛයාව, ලබන සරේ ලැබෙන ඡන්ද සංඛ්‍යාව ගැන පුරෝකථන, බලය තවදුරටත් පවත්වා ගැනීම, බලය තමන්ට ලබා ගැනීම,

අනාගත සිහිත මේ අවස්ථාවේ තාවකාලිකව අමතක කර දමා, අභියෝග කිරිමේ උද්ධච්ච මානසිකත්වයෙන් මිදිලා, එක්ව අවංකව, නිහතමානීව බොහෝ කලකට පෙර ජීක් රූසෝ කියූ බවට ප්‍රචලිත ද කිසියම් කාලපරිච්ඡේදයකට වරක් තෝරා පත් කරගන්නා බොහෝ නියෝජිතයන් අතින් සිදුවන්නේ තමන් අහිමත දෙයක් කිව්වත්,ඒ කාලය තුළ මහජනතාවට බොරු දසා කෑමත් කියන කියමන මෙන්ම, තවත් එවැනිම උධෘත සත්‍ය බව පෙනී යාමයි.


මේ පවතින තත්ත්වය ගැන ජනපතිවරයා මේ අවස්ථාවේදී කුමනාකාරයේ නීරණයක් ගත යුතු බවටද ඔබ පෞද්ගලිකව සිතනේද?


 ජනාධිපතිවරයාට සුදුසු තීරණයක් මේ අවස්ථාවේදී ගතයුතුයි. මහජනයාගේ අදහස්, තම පක්ෂයේ අදහස්, තමන්ට උපදෙස් දෙන විශේෂඥයන් සිටින්නේ නම් ඔවුන්ගේ අදහස්යන ඔක්කෝමලගේ  අදහස් අරන් සුදුසු තීරණයක් ගත යුතුයි. කොහොම වුණත් මගේ පෞද්ගලික අදහස කවුරුජනාධිපතිවුත්, මේ විධායක ජනාධිපති කියන ක්‍රමය තුළ තියෙන විධායක බලතල බරපතළ ලෙස සීමාව කිරීමකට ලක් කළ විධායක ජනාධිපති ක්‍රමයක් විය යුතුය යන්නයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට වගකියන පාලනයක් විය යුතුයි. මොකද  දැන් කැබිනට් මණ්ඩලයවත් පාර්ලිමේන්තුවට වගකියන තත්වයක් නෑනේ. පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය, නීතිපනවීමේ බලය, පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරන පිළිවෙළක් නෑනේ. ඒ තත්ත්වය වෙනස්විය යුතුයි. අපි දන්නා කාරණයක් තමයි කුමන යෝජනාවක් ආවත්, පක්ෂයේ ඉහළින්ම එන යෝජනාව තමා දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ ක්‍රියාත්මකවෙන්. අනිත් කාරණය තමයි හැමතිම ආණ්ඩු පක්ෂයේ අයට පමණක් ආධාර ලබාදීමේදී. ප්‍රතිපාදන වෙන් කිරීමේදී විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒක තමයි වැරැද්ද.


රටේ තරුණ තරුණියන් විශාල ලෙස පාරට බැහැලා සිදුකරන්නා වූ මේ අරගල සම්බන්ධයෙන් ඔබේ ප්‍රවීණයෙක් ලෙස දකින්නේ කෙසේද?

තරුණයන්ටනේ ලෝකය අයිති. ඒකයි යෞවනයන් බැහැලා මේ සදහා ක්‍රියා කරන්නේ. ඒ වැඩිහිටියෝ නම් තමන්ගේ දූ   දරුවන් වෙනුවෙන් තමයි මේ අරගල කරන්නේ. ඒ වගේම සමහර වැඩිහිටියෝ ඉත්නවා තරුණ කාලයේ ඉදලම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙන් පෙනී හිටපු අය වයසට ගිහිල්ලත් ඒ වෙනුවෙන් පෙනී සිටින මේ වෙලාවේ හැමදෙනාම ඉන්නේ හරිම අමාරුවෙන්.

මම නම් මට සම්බන්ධ වෙලා ඉන්න, මම දන්න ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් හැමදෙනාටම කියල තියෙන දෙයක් තමයි, සාමාන්‍ය අයට නෙමේ අපිටත් හරි අමාරු

කාලයක් කියලා. ඒත් මට පිකට් බෝඩ් එකක් අරන් යන්න බෑ මගේ මේ රස්සාව නිසා. නැත්නම් මමත් යනවා. කොහොම වුණත් ජාති, ආගම්, භාෂා, උගත්, නූගත්, සුදු/දුඹුරු කරපටි. ස්ත්‍රී, පුරුෂ ,දේශපාලන මතිමතාන්තර යනාදී කිසිදු භේදයකින් තොරව පොදු ජනතාවගේ, විශේෂයෙන්ම මැදිවියට නොපැමිණි තරුණ තරුණියන්ගේ සහ යෞවනයන්ගේ මේ දැවැත්ත විරෝධතා නොසලකා හැරිය හැක්කේ කාටද? මාඕ සේතුං වරක් කියූ පරිදි ලෝකය අප සැමට අයත් වුවත්, අවසාන විග්‍රහයේදී ලෝකය අයත් වන්නේ තරුණ තරුණියන්ට හා යෞවන යෞවනියන්ට පමණ බැවින් ඔවුන්ගේ වැඩ කිසිසේත්ම යටපත් කළ නොහැක හා නොසලකා හැරීම නොකළ යුතුයි.


මේ යන තත්වයෙන් තවත් ඉදිරියට රට ගියොත්.. රටට කොහොම තත්වයක් ඇති වේවිද? රට කඩා වැටීමකට ලක්වෙයිද?


ඒ තත්වය ගැන ඊයේ පෙරේදා දිනයකත් ආර්ථික විශේෂඥයොත් කිව්වනේ ලබන IMF එකට ගිහින් ණය ප්‍රතිව්‍යුහගත කළේ නැතිනම් අනාගතයේ මොකද වෙයිද කියලා අලි සබ්රි මහත්තයා වගේම, වාණිජ මණ්ඩලයේ සභාපතිතුමා, ආර්ථික විශේෂඥයො එහෙමත් කිව්වනේ. මට කියන්න තියෙන්නෙත් ඒ දේම විතරයි.


ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයක් ගැන සඳහන් කළොත්?


ඉදිරියේදී මැතිවරණයක් තියෙනවා නම් මගේ පෞද්ගලික මතය අනුව තියන්න අවශ්‍ය පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරලා පළාත් සභා ඡන්දයක්. ඊළගට දැනට කල් දමා තිබෙන පළාත් පාලන ඡන්දය. පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට මේක වෙලාවක් නෙමේ. ඉස්සෙල්ලාම අපි රට ස්ථාවර කරගෙන සිටිය යුතුයි. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ, පාර්ලිමේන්තුව බලගැන්වීම යනාදිය හා ආර්ථික අර්බුදය විසදෙන තෙක් භාරකාර ආණ්ඩුවක්වත් නැතිව හදිසි ඡන්ද විමසීම්වලට මාස හයක්ෂ්යන තෙක් වත් යන්න බැහැ. ජනතා පරමාධිපත්‍යය සුරැකිය හැක්කේ ජනතාවගේ කැමැත්ත නිසි ලෙස ප්‍රකාශ වන ඡන්ද විමසීම්වලින් පමණයි.


 ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී ජනතාව තමන්ගේ ඡන්දය භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට දෙන උපදෙස කුමක්ද?


 අපි හැමදාමත් කියන්නේ Responsible vote. වගකීමෙන්ම ඡන්දය භාවිත කළ යුතු බව. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය, ඡන්ද බලයේ වැදගත්කම, නීතියේ ආධිපත්‍යය යනාදිය පිළිබඳවත් අප දරුවන්ට, එනම් අනාගත ඡන්ද හිමියන්ට කියා දිය යුතුයි. මොකද අපිට තව ජනතාවක් ඉදිරියේදී අවශ්‍යයි.

(හෂිනි හපුආරච්චි)