lohan-piyal-state-ministers-again

පියල් නිශාන්ත හා ලොහාන් රත්වත්තේ යන මහත්වරුන් පෙර දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර සම්බන්ධයෙන්
දැනුම්දෙමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.



ඒ ඔවුන් දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර තවදුරටත් ක්‍රියාත්මක බව දැනුම්දෙමිනි

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2276/64 අංක දරණ 2022.04.22
දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ජනාධිපතිතුවරයා විසින් පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ට
අමතරව මීට පෙර පත්කර ඇති පහත සඳහන් රාජ්‍ය අමාත්‍යවරුන් ද තවදුරටත් කටයුතු කරන බව එම
නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



01. ලොහාන් රත්වත්තේ මහතා          
මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

02.පියල් නිශාන්ත ද සිල්වා මහතා
කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා
අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය