
රාජ්‍යයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලබන දෝෂාභියෝගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කට වැඩි ප්‍රමාණයකින් සහාය ලබාගැනීමට හැකි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරයි.
විශ්වාසභංග යෝජනාවට දෝෂාභියෝගයට අත්සන් ලබා ගැනීම දැනටද සිදු කරමින් සිටින බව ද එම ගණන මේ වනවිට 113 බක්මවා පවතින බවද හෙතෙම පවසයි. පසුගිය 8 වැනිදා මෙම යෝජනාවන් දෙක සඳහා සමගි ජන බලවේගය විසින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම ආරම්භ කරන ලද අතර මීලග පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී 18 වනදා මෙම යෝජනාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval