
රටේ පවතින උදඝෝෂණ රැල්ල ජනතා විමුක්ති පෙරමුනේ වැඩක් බව ඊයේ ඔප්පු වූ බවත් ජවිපෙ නායකයාගේ වාහනයට නැග උද්ඝෝෂකයෙකු ගමන් කිරීමෙන් එය තහවුරුවූ බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (6) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඊයේ පක්ෂ නායක හමුවේදී තමන් දැන් ප්‍රචණ්ඩ දේශපාලනයක නිරත නොවන බව කියූ අනුර කුමාර ඊයේ 3 ට ඉන් පිටව ගිය බවත් පසුව පාරේදී උද්ඝෝෂකයින් සමග ගෙදර ගිය බවත්කියා සිටියේය.
88-89 වැනි ලේ වැගිරීම් ඇති කර රට විනාශ නොකරන ලෙස තමා ජවිපෙන් ඉල්ලා සිටි බවත් ඔහු පැවසීය.
තරුණයින් නොමග යවා විනාශයක් ඇති කර තිබෙන බවත් ගෝඨාභය ගෝ හෝම් රැල්ල පසුපස ජවිපෙ සිටින බවත් ඔහු පැවසීය. මේ 50000 - 75000 ක් බැහැලා දොකෝටි විසි ලක්ෂයක මතය යටපත් කළ නොහැකි බව ජනතාවට පවසන්නේ යයිද ජොන්ස්ටන් ඇමති කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval