
ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය වෙනස් කර රටට යහපත් අනාගතයක් උදාකිරීම සඳහා ගාලුමුවදොර නොනවතින අරගලයක යෙදී සිටින තරුණ ප්‍රජාවට ශක්තියක් ලබාදීමේ අරමුණින් තමා දිවයිනට පැමිණි බව 2022 ලෝරන්ස් ඔලිවියර් සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය හිමි කරගත් හිරාන් අබේසේකර පැවසීය.
පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවේ පැවති සම්මාන උළෙලේදී කලා ශිල්පී යාන් මාර්ටෙල් විසින් රචිත ‘ලයිෆ් ඔෆ් ෆයි” වෙනුවෙන් එම සම්මානය දිනාගත් හිරාන් සම්මානය ලැබීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනතා අරගලයට තමා හදවතින්ම සහාය ලබාදෙන බවයි.
ඊයේ (18 දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මව්බිමට පැමිණි හිරාන් අබේසේකර මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.
'මම ඇත්තටම මෙරටට පැමිණියේ ගෝල්ෆේස් අරගලයට සහාය දැක්වීමටයි. ඒ තරුණයන්ට ශක්තියක් වෙමින් පවතින පාලන තන්ත්‍රය වෙනස් කිරීමට මගේ දායකත්වය ලබාදිය යුතුයි. මම ලබපු සම්මානය ගැන සතුටුයි.
නමුත් මගේ රටට අද අත්ව තිබෙන තත්ත්වය කනගාටුදායකයි. මම පදිංචිව සිටින්නේ එංගලන්තයේ වුණත් මේ අවස්ථාවට සහභාගි වීමට පැමිණීමට ලැබීම සුවිශේෂී අවස්ථාවක්.'
Comments
Post a Comment
Your comment will be visible after approval