
ෂැංග්‍රිලා හෝටලය ඉදිරිපිටට පැමිණි තරුණියක එහි සිටි පිරිස ඉදිරියේ වත්මන් ආණ්ඩුව පාස්කුව විකුණමින් බලය ගත් හැටි ඇගේ අදහස් වලින් මෙසේ දිගහරිනු ලැබුවා...
"2019 අවුරුද්දේ ෂැංග්‍රිලා හොටලයේ පුපුරපු බෝම්බයකින් තමයි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මුළු ජාතිවාදි ,දුෂිත රේජිමයට බලයට එන්නට අවශ්‍ය පදනම සකස් වුනේ. අද ෂැංග්‍රිලා හෝටලය ඉදිරිපිටටම පැමිණ අපේ ජනතාව , විශේෂයෙන් තරුණ පිරිස මේ රේජිමයට , ගෝඨාභය රාජපක්ෂට "පල ගෙදර කියන්න" තරම් ධෛර්යවන්ත වීම ගැන අපි සමාජයක් හැටියට , පරම්පරාවක් හැටියට අඩම්බර විය යුතුයි. ජාතීන් බෙදලා,
ජනතාව බෙදලා තමයි මේ රජය මෙහෙම බලයට ආවේ.කොවිඩ් ලංකාවට ආ මුල් කාලේදී අත දරු මුස්ලිම් දරුවන්ගේ මිනී පිච්චුවා මේ රජය..අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ රජය බලයට ගෙනාවේ. අපි හැමෝටම යුතුමක් තියනවා අපි බලයට ගෙනාව රජය අපිම පන්නලා දන්නට අවශ්‍යයි දැන්. ගෝඨාභය රාජපක්ෂ දැන් මිනිස්සු ඉදිරියට එන්නෙත් නැ.එතරම් වගවිමක් නැහැ. තාම හිතන්නේ පරණ සෙල්ලම කරගෙන යන්න පුළුවන් කියලයි. අපි මේ අරගල දිනලා පන්නන්නේ ගෝඨා විතරක් නෙමෙයි පන්නන්නේ දුෂණය ,වංචාව සහ ජාතිවාදය.නැවත මේ පාලකයින්ට අපිව බෙදන්නට තියන්න එපා."
Comments
Post a Comment
Your comment will be visible after approval