
ගෑස් තොග අවසන් වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට සැපයීම ලිට්‍රෝ සමගාම නවතා දමනු ලැබුවේ, පසුගිය 12 වැනිදා සිට වන අතර දැන් ඔවුන් දන්වා ඇත්තේ ලබන 25 වැනිදා දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි බවයි.
ලබන 25 වැනිදා හා 26 වැනිදා ගෑස් මෙට්‍රික් ටොන් 3600 බැගින් වූ නෞකා දෙකක් දිවයිනට සේන්දු වීමට නියමිත නිසා ඉන්පසු ප්‍රශ්නය විසඳෙනු ඇතැයි දන්වා තිබේ.
කෙසේ වෙතත් කර්මාන්ත ශාලා,රෝහල් ,ආදාහනාගාර වැනි අත්‍යශ්‍ය සේවා සඳහා ගෑස් නිකුත් කිරීම අඛණ්ඩ සිදු කරන බව ද ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ ය.
Comments
Post a Comment
Your comment will be visible after approval