fuel-limits-freeze

ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සීමා කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පසුගිය දා පැනවූ නීතිය අද (19) සිට ඉවත් කරගෙන තිබේ.



මේ නීති අනුව මෝටර් සයිකලයක් සඳහා එක වරකදී උපරිම වශයෙන් රුපියල් දහසකත්
ත්‍රීරෝද රථයක් සඳහා රුපියල් 1500කත් මෝටර් රථ, වෑන් සහ ජීප් රථ සඳහා රුපියල් 5000 ක ඉන්ධන එක් වරකදී ලබා ගත හැකි බව කියැවුණි.
බස්රථ ලොරි රථ සහ වෙනත් වෙළෙඳ වාහන සඳහා මෙම සීමාව බල පෑවේ නැත.
අද සිට සියලු වාහන සඳහා සීමාවන් ඉවත් කර ඇත.