
අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (04)දා රැදවියන් කිසිවෙකු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නඩු කටයුතු කර ගෙන යාමට දැඩි ලෙස බාධා සිදු වීම හේතුවෙන් එහි මහේස්ත්‍රාත් ශෂිකා ලක්මාලි දසනායක මහත්මිය මහර බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් කැදවා තරයේ අවවාද කළාය.
මෙදින පෙරවරුවේ අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කැදවීම ආරම්භ කළ අවස්ථාවේ මහර බන්ධනාගාරයේ රදවා සිටින කිසිදු සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකිරීම නිසාම එම අවස්ථාවේ අධිකරණයේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නිලධාරින්ගෙන් මහේස්ත්‍රාත්වරිය විමසීමක් කළත් එම නිලධාරින්ගෙන් නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් වහාම මහර බන්ධනාගාර අධිකාරිවරයා කැඳවීමට නියෝග කළාය.එම නියෝගයට අනුව පැය කිහිපයකින් මහර බන්ධනාගාරයේ උසස් බන්ධනාගාර නිලධාරීවරයෙකු පැමිණි අධිකරණයට ඉදිරියේ පෙනී සිටියේය. මෙහිදී මහේස්ත්‍රාත්වරිය කරන ලද ප්‍රශ්න කිරිමේදී බන්ධනාගාර බස් රථවලට ඉන්ධන නොමැති වීම හේතුවෙන් සැකකාර රැදවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන නොයා බව එම උසස් නිලධාරියා පැවසීය.
අනතුරුව අදහස් දැක්වූ මහේස්ත්‍රාත්වරිය ඒ පිළිබද අධිකරණය දැනුම්වත් කළාද යන්න එම නිලධාරියාගෙන් සිදු කළ විමසීමේදී හෙතෙම නිහඩව සිටියේය. මෙහිදී මහේස්ත්‍රාත්වරිය කරුණු දක්වමින් ඉදිරියට මේ අයුරින් අධිකරණය අපහසුතාවකට පත් කිරීමට සූදානම් නොවන ලෙසත් රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි නම් ඔවුන් විඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට එම බන්ධනාගාර උසස් නිලධාරීයාට තරයේ අවවාද කළාය.
(වාරණ ආනන්ද ඉ ජයකොඩි)
Comments
Post a Comment
Your comment will be visible after approval