
කොළඹ ප්‍රධාන පෙලේ පාසල් කිහිපයක , ගෑස් නොමැති බව පවසමින් නේවාසිකාගාර වසා දමා ඇති බව වාර්තාවේ.
ඒ හේතුවෙන් පාසල් ආරම්භ වී දින කිහිපයක් ගත වුවත් නේවාසිකාගාර ගතව ඉගැනුම් කටයුතුවල නිරත වූ දරුවන්ට තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි වී ඇති බව පැවසේ.
මේ හේතුවෙන් කොළඹ පාසල්වල ඉගනුම ලබන දුර පළාත්වල දරුවන් දැඩි අපහසුතාවයක පත්ව ඇත.
එමෙන්ම දෙමාපිය රැස්වීමක් පවත්වමින් එක් ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකු දෙමාපියන්ට දන්වා තිබුණේ, දෙමාපියන් එක්ව ගෑස් සොයා දෙන්නේ නම් නේවාසිකාගාරය විවෘත කළ හැකි බවකි.
Comments
Post a Comment
Your comment will be visible after approval