
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණයේ පවරනු ලැබ තිබූ නඩු 85ක් ඉල්ලා අස්කරගෙන ඇතැයි එම කොමිසම පවසයි. නඩු පැවරීමේ දී සිදු වූ කාර්ය පටිපාටියේ දෝෂයක් මත මෙලෙස ඉල්ලා අස්කර ගත් නඩුවලින් මේ වන විට නඩු 28ක් නැවත ගොනු කිරීමට පියවර ගෙන ඇතැයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු අංක 1/2011 (පොත්ත නඩු තීන්දුව) අනුව අල්ලස් කොමිසම නඩු පැවරීමේ දී කාර්ය පටිපාටියේ දෝෂයක් හේතුවෙන් එම නඩු ඉල්ලා අස්කර ගැනීමට සිදුවුවත් එකී දෝෂය නිවැරැදි කර නැවත එම නඩු පැවරීම සදහා කටයුතු කරමින් සිටින බවද හෙතෙම සදහන් කළේය.
ඒ අනුව නැවතත් නඩු ගොනු කර ඇති නඩුවල චූදිතයන් ලෙස දේශපාලනඥයන්ට, අමතරව ශ්‍රී ලංකා රේගු නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාවල නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් වන බව ද ඔහු පැවසීය. ඉල්ලා අස්කරගත් අනෙක් නඩු සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යයනය කරමින් සිටින අතර, ඒවාට නැවත නඩු පැවරීමට කොමිෂන් සභාව අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද එම කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරයා කීය.
-නිමත්ති රණසිංහ-
Comments
Post a Comment
Your comment will be visible after approval