
කැස්බෑව වැව වටා ඉදිකරන ලද ඇවිදින මං තීරුව කිසිදු දේශපාලනඥයකුගේ සහභාගිත්ව කින් තොරව කුඩා
දරු දෙදෙනකු විසින් ඊයේ (28දා) සවස විවෘත කර තිබෙයි.
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වැයකර මෙම ඇවිදින
මංතීරුව ඉදිකර තිබුණි.
කැස්බෑව ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කරන ලද චාම් උත්සවයකින් අනතුරුව කුඩා දරු දෙදෙනකු විසින්
ඇවිදින මං තීරුවට ප්‍රවිශ්ඨ වීම සඳහා තිබෙන පිවිසුම හරහා යොදා තිබූ පීත්ත පටියක් කපා එය විවෘත කරනලදි.
“ජනතා බදු මුදලින් නිමකරන ලද කැස්බෑව වැව වටා ඇවිදින මංතීරුව 2022 – 04-28 ජනතාව සුරතින්
විවෘත වූ වගයි” යනුවෙන් කුඩා පුවරුවක් ද පසෙක සවිකර තිබුණි.
මින් ඉහත මතුගම බිම් පදික උමං මාර්ගයද ළමයෙකු විවෘත කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval