basil-court-order

හිටපු ඇමති බැසිල් රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොළඹ
අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (18) ප්‍රතික්ෂේප කළේ ය.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා මුදල් අමාත්‍යංශයේ
හිටපු ලේකම් එස්.ආර්. ආටිගල යන අයට එරෙහිව මෙම නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා දිවුරුම් ප්‍රකාශයක් මත පුද්ගලික නඩුකරයක්
අධිකරණය හමුවේ ගොනු කර 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 (1) (අ)
වගන්ති ප්‍රකාරව කරනු ලැබූ ඉල්ලීමක් මතය.



ඊයේ දින නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී අතිරේක දියුරුම් ප්‍රකාශයක් ගොනු කරමින් හිටපු මුදල්
අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මෙම බැඳුම්කර
සිද්ධියට අදාළව සාක්ෂි කරුවන් වශයෙන් නම් කර ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට පැමිණිල්ල
වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඒ අනුව, මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ  බැසිල් රාජපක්ෂ හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස
කටයුතු කළ එස්.ආර්. ආටිගල යන අය මෙම නඩුවේ අත්‍යවශ්‍ය සාක්ෂිකරුවන් වන බවත් අවශ්‍ය වුවහොත්
ඔවුන් නඩුවේ සැකකරුවන් ලෙස ද නම් කළ හැකි බවත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය
හමුවේ පැවසීය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අමෙරිකානු ඩොලර් මිලියන 500 අදාළ ජාත්‍යන්තර ස්වෛරී බදුම්කරයන්ට අදාළ ගෙවීම් ශ්‍රී
ලංකා ජනරජය විසින් 2022 ජනවාරි මස 18 වන දින ගෙවන ලද පාර්ශවයන්ගේ නම් ඇතුළත් ලැයිස්තුවක්
අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පැමිනිල්ලෙන් කළ ඉල්ලීම පිළිබඳව නියෝගයක් ලබා දීම
සම්බන්ධ තීරණය ඉදිරි දින ලබා දෙන බවට දැනුම් දුන් අතර නඩුව ලබන මැයි 2 දින කැඳවීමට නියම කෙරිණි.