banuka-panjab-speaks

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සමගින් පැවති තරගයෙන් ලකුණු 11ක තියුණු ජයක් හිමිකර ගැනීමට මායක් අගර්වාල්ගේ නායකත්වයෙන් යුත් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් විය. තරගාවලියේ 33වැනි තරගය ලෙසින් මෙය පෙරේදා (25දා මුම්බායිහිදී පැවැත්විණි. මෙම තරගයේ කාසියේ වාසිය දිනු චෙන්නායි ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් ක්‍රීඩකයන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 187ක් රැස් කළේය. තරග 4ක විරාමයකින් පසු නැවතත් පන්ජාබ් කණ්ඩායමට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ නැවතත් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 32කදී ලකුණු 42ක් රැස් කළේ හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමගිනි.



ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශිකර් ධවාන් පන්දු 59කදී නොදැවී ලකුණු 88ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී චෙන්නායි වෙනුවෙන් ඩිවෙයින් බ්‍රාවෝ කඩුළු දෙකක් හා ශ්‍රී ලංකා ක්‍රීඩක මහේෂ් තීක්ෂණ කඩුල්ලක් බැගින් දවා ගත්හ. අනතුරුව ලකුණු 188ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය චෙන්නායි ක්‍රීඩකයන් සිය පන්දුවාර 20 තුළදී කඩුළු 6ක් දැවී රැස් කළේ ලකුණු 176ක්පමණි. අම්බති රයුදු පන්දු 37කදී ලකුණු 78ක් රැස් කරමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළද,

එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. පන්දු යැවීමෙන් කගීසෝ රබාඩා හා රිෂි ධවාන් කඩුළු දෙක බැගින් බිඳහෙලූහ. මෙම ජයග්‍රහණය තරග දෙකකට පසු පන්ජාබි ලැබූ පළමු ජයග්‍රහණය විය. මේ සමගින් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන්නේ, කණ්ඩායම් 10ක් අතරින් වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට පන්ජාබ් සමත් විය. ඔවුන් තරග 8කට මුහුණදී ඉන් තරග 4ක් ජය ගැනීමට සමත් වී ඇත.