
‘ආයුබෝ වේවා මහරජාණෙනි’ ගීතය ලියූ රචකයා මෙන්ම ගැයූ ගායිකාව එම නිර්මාණය සිදුකිරීම සම්බන්ධයෙන් දැන් පසුතැවෙන බවත් සමාව අයදින බවත් දන්වා ඇත.
පසුගිය 13 වනදා ගෝල්ෆේස් පිටියේ අරගල භූමියට පැමිණි මෙම ගීතයේ රචක සුනිල් ආර් ගමගේ එම ගීතය ලිවීම සම්බන්ධයෙන් ජනතා අධිකරණයෙන් තමන් නිදොස් කොට නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව මයික්‍රෆෝනයෙන් පිරිස අමතා පැවසීය.
තමන් අද සිටින්නේ එදා සිටි තැන නොවන බවත් අද සිටින්නේ නව පරපුරේ දරුවන් සමග බවත් ඔහු එහිදී සඳහන් කළේය.
මේ අතර මෙම ගීතය නිසා විශාල මුදලක් හරිහම්බ කළ බවට ඒ දිනවල ආරංචි පැතිරගිය සහේලි ගමගේ ගායිකාව සයිටම් වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය විද්‍යාව හදාරා මේවනවිට ඕස්ට්‍රෙලියාවේ වෛද්‍යවරියක ලෙස සේවය කරන අතර ඇය එහි සිට ෆේස් බුක් ඔස්සේ පණිවිඩයක් තබමින් මේ කටයුත්තට දායකවීම ගැන ජාතියෙන් සමාව අයැද සිටින්නීය.
‘උතුම් අරමුණට මගේ හඬ දායක කිරීම රට වෙනුවෙන් කළහැකි යුතුකමක් ලෙස මා සැලකුවෙමි. මේ ගීතය නිසා එවකට යොවුන් තරුණියක් ලෙස මා ලද උපහාස, අපහාස නිමක් නැත. අදටත් එය එසේමයි.
අද වනවිට අපේ මාතෘ භූමිය පත්වී ඇති අවාසනාවන්ත තත්වයට මා ගැයූ 'ආයුබෝවේවා' ගීතය කිසියම් අයුරකින් හෝ හේතුසාධකයක් වූවානම් මම මාගේ රට වෙනුවෙන් ඔබ සියලු දෙනාගෙන්ම සමාව අයදිනවා. එපමණක් නොව, මෙය හුදෙක් කාලාණුරූපිතව ගැයූ ගීතයක් පමනක් වන අතර මෙම ගීතය ගායනා කිරීම පිලිබඳ මා තුල ඇත්තේ ඉමහත් පසුතැවීමකි.‘
ඇය පවසා තිබේ.
සිව්මහ බඹුන් දුන් විවරණින්
අපටත් රජෙක් පහළව ඇතේ
ඒ මහ රජුන් පෑ පෙළහරින්
මේ දෙරණ එක්සේසත් කළේ //
ආයුබෝවේවා... මහරජාණෙනි
ආයුබෝවේවා... මහරජාණෙනි
යාපා පටුන උතුරින්
දකුණින් දෙවුන්දර තුඩුවෙන්
නැගුණු දුක්සෝසුසුම් නිවමින්
සමගි බල මහිමෙන්
දෙස් විදෙස් අභියෝග බිඳ හළ මහරජාණෙනි
ආයුබෝවේවා... මහරජාණෙනි...
නැගෙනහිර අබිමන් සුපසන් උදානය ගෙන දුන්
උතුරුකරයට වසන්තය දී
දෙරණ දිනු දෙවිඳුන්
දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහරජාණෙනි
ආයුබෝවේවා... මහරජාණෙනි...

Comments
Post a Comment
Your comment will be visible after approval