
විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට බලශක්ති අමාත්‍යවරයාට නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිසම ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) ප්‍රතික්ෂේප කළේය.
මෙම පෙත්සම ගාමිණී අමරසේකර, මහින්ද සමයවර්ධන සහ ඒ. නවාවි යන මහත්වරුන්ගෙන් සැඳුම්ලත් විනිසුරුමඩුල්ලක් හමුවේ ඊයේ (08) සලකා බැලිණී.
නිතීඥ ජී. ජී. අරුල් ප්‍රගාසම් මහතා මගින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, මුදල් මණ්ඩලය, මහ බැංකු අධිපති, විදුලි බල මණ්ඩලය සහ රාජ්‍ය ආයතවල නිලධාරීන් කිහිප දෙනෙක් නම්කරනු ලැබ තිබිණී.
විදුලිය ජනනය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසත් අඛණ්ඩව විදුලිය සැපයීම සහතික කිරිම සඳහා ඉන්ධන සැපැයීමට බලධාරින්ට උපදෙස් ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම පෙත්සමෙන් ඉල්ලා තිබිණී.
Comments
Post a Comment
Your comment will be visible after approval