රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය ඉවත් කර ගන්නා ලෙස
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.
එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම රටේ
වත්මන් ගැටලුවලට විසඳුමක් නොවන බවයි.
සාමකාමීව රැස්වී අදහස් ප්‍රකාශ කිරිමට ජනතාවට අයිතියක් ඇති බවද එම සංගමය දන්වා සිටියි.
අද (2) සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනපති ලේකම්වරයාගේ අත්සනින් ගැසට නිවේදනයක් නිකුත් කර තිබූ අතර ඊට ප්‍රතිචාර ලෙස නීතීඥ සංගමය මේ බව දන්වා ඇත.




Comments
Post a Comment
Your comment will be visible after approval